අප යුද්ධ කළේ ත්‍රස්තවාදයට එරෙහි‍ව | දිනමිණ

අප යුද්ධ කළේ ත්‍රස්තවාදයට එරෙහි‍ව

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධය දෙමළ ජනතාවට කළ යුද්ධයක් නෙවෙයි. සමහරු ඒක හඳුන්වන්න හදනවා අපි මෙය දෙමළ ජනතාවට කරපු යුද්ධයක් කියලා. නැහැ. ඒ නිසා මේක ත්‍රස්තවාදයට විරුද්ධව කරපු යුද්ධයක්. මේ යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ රට එක්සේසත් කළාට පස්සේ අද ඒ නිදහසේ පිනුම් ගහන උදවිය අද නැවත වාරයක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මේ රට බෙදා වෙන් කරන්න සූදානම් වෙනවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කර සිටියේ

මීගොඩ භාවනා මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ තුන්මහල් සංඝාවාස ගොඩනැඟිල්ල පසුගිය දා (08 ) විවෘත කිරීමේ උත්සවයට සහභාගී

වෙමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

මම දැක්කා ෆේස්බුක් එකේ දාලා තියෙනවා ඒ පළාතේ ක්‍රීඩා උත්සවයක් පාසලක. ඒ ක්‍රීඩා උත්සවයට දාලා තියෙන නිවාසයේ හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිතියමේ උතුරේ තියෙන කොටස වෙන්කරගෙන හලාවතට යනකම් අනිත් පැත්තෙන් හම්බන්තොටට යනකම්.ඉතිං මේක පෙන්නලා මේ ජනතාව දරුවන්ගේ මොළය අනිත් පැත්තට හරවන වැඩ පිළිවෙළක්.

දැන් ඔය තත්ත්වය දකුණේ කළානම් සීඅයිඩී එක ඇවිල්ලා. එෆ්සීඅයිඩී එක ඇවිල්ලා හාමුදුරුවෝ, ඉස්කෝලෙ විදුහල්පති විතරක් නෙවෙයි ශිෂ්‍ය නායකයත් අරගෙන ගිහිල්ලා. ඉතින් එහෙමනම් මේ වගේ නිදහසක් අද ඔවුන්ට තියෙනවා. උතුරේ මේ සංහිඳියාව භාරගන්න අපි විතරක් මදි. උතුරේ ජනතාවගේ සහයෝගයත් ඕනෑ. උතුරේ ජනතාවට එක නීතියකුත් අපට එක නීතියකුත් කරන්න බැහැ.

මීගොඩ භාවනා මධස්ථානයේ විහාරාධිපති පිලැස්සේ විමලධජනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ තුන්මහල් සංඝාවාස ගොඩනැඟිල්ල රුපියල් ලක්‍ෂ 150ක වියදමින් ඉදිකෙරුණු අතර, මේ සංඝාවාස ගොඩනැඟිල්ල දොඩම්ගොඩ අස්සජි නාහිමි අනුස්මරණ සංඝාවාසය නමින් නම් කර තිබුණි. මේ අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් හිටපු

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් මේ සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්. ඒ. ඩී. ජගත් කුමාර, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන මහතා ඇතුළු පළාත් පාලන හිටපු මන්ත්‍රීවරු

පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර, ගිහි පැවිදි විශාල පිරිසක් සහ දරු දැරියන්ද විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

ගොඩ­ගම සමූහ ප්‍රියංගි ජය­සිංහ  
ඡායාරූප- ගොඩගම සමූහ 

 

නව අදහස දක්වන්න