ඉන්දියාවේ තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණය | දිනමිණ

ඉන්දියාවේ තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට පත් වීමෙන් පසු ඔහු මුහුණ දෙන ප්‍රබලතම මැතිවරණ අභියෝගය අද ආරම්භ වෙයි.

ඒ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මැතිවරණයත් සමඟයි.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන එහි මිලියන 200ක ජනගහණයක් සිටිති.

2014 වසරේ ජාතික මැතිවරණයෙන් තේරී පත් වන විට නරේන්ද්‍ර මෝදිට මෙම ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමි විය.

එහෙත් මුදල් නෝට්ටු අවලංගු කර නව නෝට්ටු එක් කිරීමේ තීරණයෙන් පසු නරේන්ද්‍ර මෝදි රජයේ ජනප්‍රියත්වය මෙම ප්‍රාන්ත මැතිවරණයෙන් විනිශ්චය කිරීමට හැකි වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

නව අදහස දක්වන්න