සමුගන්නා ආරියදාස පීරිස් පිළිබද සටහනක් | දිනමිණ

සමුගන්නා ආරියදාස පීරිස් පිළිබද සටහනක්

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස්ගේ අවසන් කටයුතු අද පස්වරු 04.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙයි.

මිය යනවිට වයස අවුරුදු 91 ක් වූ ඔහු මෙරට ගුවන් විදුලි ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිවේදකයෙකු විය.

විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන් මෙන්ම විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාමා ද වන ආරියදාස පීරිස් වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස සැලකෙයි.

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස් පිළබද තබන සටහනක් 

ගුවන්විදුලි සහන නිවේදකයකුව සිටි ආරියදාස පීරිසුන්ට වෙළෙඳ සේවයට සම්බන්ධ වන්නට අවස්‌ථාව සලසා දී ඇත්තේ ලැඩී රණසිංහ මාධ්‍යවේදියාය.

පසු කලෙක ලැඩී රණසිංහයන් "කෝපි කඩේ", "මාරක රඟ", "සිව්දිගින් සත් මුහුදින්", "ඇටි කුකුළා කුකුළෙක්‌ද" වැනි ජනප්‍රිය නාට්‍ය මාලාවක්‌ද නිෂ්පාදනය කොට ප්‍රචාරය කළේය.

ලැඩී රණසිංහගේ ආරාධනයෙන් ආරියදාස පීරිස්‌ වෙළෙඳ සේවයට එකතු විය.

1951 සැප්තැම්බර් 02 වැනිදා පළමුවරට "ආධුනික පැය" නමැති අලුත්ම වැඩසටහන ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ආරියදාස පීරිසුන්ටයි.

මුල්ම වැඩසටහන පටිගත කරන ලදදේ තිඹිරිගස්‌යාය පරාක්‍රම නෘත්‍ය ශාලාවේදීය.

ආධුනික පැය වැඩසටහන වසරක්‌ අවසානයේ පැවැති මහා තරගයෙන් ජය ලැබූ අය සඳහා නව ගී ගායනයට "තරු තැනුම" නමින් විනාඩි 15 ක සංගීත වැඩසටහනක්‌ද, නිර්මාණයකොට නිෂ්පාදනය කළේ ආරියදාස පීරිස්‌ සූරීන්ය.

සෑම ඉරිදාවකම දවසේ 12.00 සිට 12.30 දක්‌වා "පැනපොඩි" නමින් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්‌ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේද ආරියදාස පීරිස්‌ මහතාය.

සුප්‍රකට ගායන ශිල්පියකු වූ දිවංගත ඡේ. ඒ. මිල්ටන් පෙරේරා ගුවන්විදුලි මාධ්‍යයෙන් කල එළි බැස්‌සේද ආරියදාස පීරිස්‌ නිසාය.

ආරියදාස පීරිසුන් ඉදිරිපත් කළ "ආධුනික පැය" වැඩසටහනට දිනක්‌ තබ්ලා වාදනයක්‌ ඉදිරිපත් කිරීමට ඡේ. ඒ. මිල්ටන් පෙරේරාට අවස්‌ථාව ලබා දුන්නේ ආරියදාස පීරිස්‌ විසිනි.

පසුව ආරියදාස පීරිස්‌ම "ජයග්‍රාහක පෙළපාලිය" වැඩ සටහනෙන් ගීතයක්‌ ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව ලබමින් මිල්ටන් පෙරේරා ගායන ලොවේ අත්පොත් තැබීය.

ආරියදාස පීරිස්‌ වැනි කිහිප දෙනකුගේ දැඩි කැපවීම නිසා සිංහල වෙළෙඳ සේවය දිනෙන් දිනම ජනප්‍රියත්වය කරා ඇදුණු අතර වෙළඳ සේවය ලබන ආදායම ඉහළ ගිය අතර වර්ෂ කිහිපයකින් වාර්තාගත ආදායම් ලබන්නට විය.

උදාහරණක්‌ වශයෙන් 1951 වර්ෂයේ සේවය ලැබූ ආදායම 

"ශ්‍රී ලංකාවේ අනුග්‍රාහක භවතුන් හා ගුවන් කාලය විකිණීමෙන් පමණක්‌) රුපියල් 163,401,39 ක්‌ විය.

1952 වර්ෂයේ දී රුපියල් 432,901.56 ක්‌ද, 1953 දී රුපියල් 460,485.78 ක්‌ද විය.

ආරියදාස පීරිස්‌ගේ ගුවන්විදුලි මාධ්‍ය ජීවිතය සරුසාර වීමට බලපෑ තවත් හේතුවක්‌ වූයේ ඔහුට සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද, දෙමළ භාෂාවෙන්ද වැඩසටහන් ඉදිරිපත් කිරීමට තිබුණු හැකියාවයි. 

කුරුලු බැද්ද චිත්‍රපටයේ වෛද්‍යවරයාගේ චරිතය නිරූපණය කරමින් රංගන ශිල්පියකු වශයෙන් ඔහු තුළ තිබුණු නිසග හැකියාව පෙන්නුම් කළේය. 

1963 දී පුෂ්පා විඡේරත්න සමග විවාහ වූ ඔහුට තම මාධ්‍ය ජීවිතය සාර්ථක කරගන්නට ඇගෙන් ලැබුණු සහයෝගය අතිමහත්ය.

2001 සැප්තැම්බර් 09 වැනිදා මෙලොවින් සමුගන්නා තුරුම ඔහුට ජීවන අත්වැලක්‌ වූයේ පුෂ්පාය. 

ජයන්ත පීරිස්‌. රංජිත් පීරිස්‌ යන සොයුරන් දෙදෙනාම ගුවන්විදුලියට යොමුකොට ඔවුන්ගේ සේවාවද රටට ලබා දෙන්නට ආරියදාස පීරිස්‌ ක්‍රියාකාරී විය.

එපමණක්‌ නොව තම දියණිය වූ චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ද ගුවන්විදුලි මාධ්‍යයටත්, සංගීත ලෝකයටත් යොමු කරවන්නට මුල් වූයේ ආරියදාස පීරිස්‌ය.

1983 ජනවාරි 24 වැනිදා රංජිත් පීරිස්‌ පළමුවරට ඉදිරිපත් කළ "එදා අප දුටු චිත්‍රපටයකින්" වැඩසටහන අතිශයින්ම ජනප්‍රිය විය.

 

නව අදහස දක්වන්න