අනතුරින් අයෙකු මරුට 06කට බරපතලයි | දිනමිණ

අනතුරින් අයෙකු මරුට 06කට බරපතලයි

හැටන් දික්ඔය වතුයායේ කෝවිළක පැවති උත්සයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයත් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක පමණ බෑවුමකට පෙරළීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් හය දෙනකු බරපතල තුවාල ලැබ ඇත.

අනතුර අද අලුයම 12.30 ට පමණ දික්ඔය වතුයායේ කෙටි මාර්ගයකදී සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනකු හා කාන්තාවකද සිටින බව ‍පොලීසිය පවසයි.

මෙම පිරිස නාවලපිටිය කැටඹුලාව ප්‍රදේශයේ සිට කෝවිළේ උත්සවට පැමිණ තිබෙන අතර අනතුරින් මියගොස් ඇත්තේ එස්.රාජරත්නම් නැමැති හතළිස් හත් හැවිරිදි අයෙකි.

ත්‍රිරෝද රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් අනතුර සිදුවූ බව එහි රියදුරු ‍පොලීසියට පවසා ඇත.

හැටන් ‍පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(අසේල කුරුළුවංශ)

නව අදහස දක්වන්න