මහින්ද උපදේශකයන්ට කෝටි 9ක් ගෙවලා | දිනමිණ

මහින්ද උපදේශකයන්ට කෝටි 9ක් ගෙවලා

වත්මන් ජනපති ගෙවා ඇත්තේ ලක්ෂ 19යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය උපදේශකවරුන් 196 ක් සඳහා රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයකට අධික මුදලක් වැටුප් ලෙස ගෙවා තිබුන ද වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උපදේශකයින් සඳහා රුපියල් දහනව ලක්ෂ හැට අටදහස් අනුහතරක මුදලක් ගෙවමින්  නාස්තිකාර වියදම් අවම කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පුද්ගලික උපදේශකවරුන් හෝ පුද්ගලික සම්බන්ධීකරණ නිලධාරීන් බඳවාගෙන නොමැති බවත් ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය කාර්ය මණ්ඩලයට උපදේශකවරුන් හතර දෙනෙක් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් හයදෙනෙක් හා වෙනත් දෙදෙනකු පත්කර ගෙන ඇති අතර හිටපු ජනාධිපතිවරයා මෙන් කටයුතු නොකර නාස්තිකාර වියදම් අවම කර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. වත්මන් ජනාධිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් උපදේශකවරුන් ලෙස පත්කර ගෙන තිබේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය

අදහස් 1ක් ඇත

Mokada ithin gewanna bari , amma appage boodalayane.

නව අදහස දක්වන්න