බී. බී. සී
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිදහසේ ප්‍රතිමාවේ හිස කඳෙන් වෙන් කරන අයුරු දැක්වෙන කාටුනයක් ජර්මානු සඟරාවක් වන 'ඩෙයර් ස්පීගල්'හි මුල් පිටුවේ පළ කර ඇති අතර ඒ පිළිබඳව විවිධ විවේචන එල්ල වෙමින් පවතී. ජර්මනියේ ඇතැම් පුවත්පත් ද කාටුනය විවේචනයට ලක් කරන බව ද වාර්තා වේ. මේ අතර යුරෝපා සංගමයේ ජර්මානු උප සභාපතිවරයා කියා සිටියේ මෙය 'නීරස උත්සාහයක්' බවයි.
කාටුනය නිර්මාණය කළ කියුබානු සම්භවයක් සහිත අමෙරිකානු කලාකරුවකු වන එඩෙල් රොද්‍රිගුවෙස් එම කාටූනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අමෙරිකාව ප්රජාතන්ත්රවාදයේ හිස ගසා දැමීම ඉන් සංකේතවත් කෙරෙන බවය.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකාව සහ ජර්මනිය අතර සම්බන්ධතා පිරිහී ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාසයේ මාධ්‍ය අමතා අදහස් දක්වමින් ජර්මානු චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල්ගේ ජාතික ප්‍රතිපත්ති විවේචනය කළේය.ඔහු කියා සිටියේ චාන්සලර්වරියගේ ජාතික ප්‍රතිපත්තිය යටතේ ජර්මනිය වෙත ගලා එන විශාල සංක්‍රමණික රැල්ල මහා විනාශකාරී අත්වැරැද්දක් බවයි.
අදහස් 1ක් ඇත
nidahasayanu kawarekda?
නව අදහස දක්වන්න