ව්‍යාජ රන් විකුණා ව්‍යාපාරිකයකු රවටලා | දිනමිණ

ව්‍යාජ රන් විකුණා ව්‍යාපාරිකයකු රවටලා

අනුරාධපුර මධ්‍යම විශේෂ

අනුරාධපුර නගරයේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් මතුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් විසින් අනුරාධපුර කොට්ඨාසභාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව විශේෂ අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් අනතුරුව මීට පෙර වංචාවට සම්බන්ධ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි මෙම සැකකරු පිළිබඳව පාපොච්චාරණයකර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

තමන් ඇතුළු සිවු දෙනෙක් එක්වී ව්‍යාපාරිකයාව රවටා නිධානකින් ලබාගත් රන් කහවනු තොගයක් සන්තකයේ තිබෙනබව පවසා ඊයම්වල රන් පැහැය ආලේපකර ඔහුට ලබාදී රුපියල් 850000ක මුදලක් ලබාගත් බවත් වංචාකර ලබාගත් මුදලින් තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලැබුණු බවත් ඔහු පොලිසියට පපොච්චාරණයකර තිබුණි.

සැකකරුවන් ව්‍යාපාරිකයා රවටා කරවිල ඇටයට සමාන හැඩයෙන් යුතු රන් පැහැති ඊයම් කැබලි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් ලබාදී එම කැබලි තොගය රුපියල් ලක්ෂ තිහකට පමණ අලෙවි කර ගත හැකි බවට ඒත්තු ගන්වා ඇතිබව පොලිසිය පැවසුවේය.මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් දැනට අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් සෙසු සැකකරුවන් සොයා පරික්ෂණ සිදුකරන බවත් පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු පසු ගියදා හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාසභාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රවී පීරිස් මහතාගේ උපදෙස් මත අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.එම්.ඩී.සී දිසානායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සැකකරු අත්අඩංගුවටගෙන තිබුණි. 

නව අදහස දක්වන්න