මං ආපහු බිස්නස් අරඹනවා -තේජා | දිනමිණ

මං ආපහු බිස්නස් අරඹනවා -තේජා

ඒ සිද්ධිය මතක් වෙද්දිත් හිනා යනවා. නමුත් ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. වැඩි දෙනෙකුගේ සුබසිද්ධිය තකා මං මේ නාට්‍යහි නමවත් ඊට සම්බන්ධ නිර්මාණකරුවන් ගැනවත් කියන්නේ නැහැ. රූගත කිරීම් තිබුණේ යටියන්තොට පැත්තේ. රෑ දොළහට විතර මාව ගත්තා. දර්ශන තලයට ගියාට පස්සේ ඒ අයත් එක්ක වැඩ කරන්න බැහැ. හරිම අමාරුයි. ඒ මදිවට ඒ ප්‍රදේශයට සිග්නල්වත් නැහැ. අන්තිමේ බොහොම අමාරුවෙන් ටැක්සියක් කතා කරගෙන කොළඹ ආවා. ටැක්සියේ බිල දොළොස් දාහක්. අතින් කයිට් වැඩක් වුණේ.

 

* කෙහොමද තේජා?

මම හොඳින් ඉන්නවා.

* මේ දිනවල ඔබ රඟපාන නාට්‍යයක් විකාශය වෙනවාද?

ඔව්. ඒක තමයි රිහාන් රවීන්ද්‍රගේ නූර්යා. ඒකේ නූර්යා විදිහට රඟපාන්න් මම.

* ඔබ වැඩිපුරම ජනප්‍රිය වුණේ කළු කුරුල්ලා නාට්‍යයෙන් නේද?

අනිවාර්යයෙන්ම. මගේ චරිතයේ නම බබී. ඒක මට ලැබුණු අපූරු දායාදයක්. බබීගේ චරිතය හරහා මට වෙනමම ප්‍රේක්ෂක කණ්ඩායමක් එකතු වුණා.

* ඔබට දැන් වැඩි දෙනෙකු කතා කරන්නෙත් බබී නමින් කියලා ආරංචියි?

ඔව්, ඔව්. ඒක ඇත්ත. හිතාගන්න බැහැ ඒ ලැබුණු ජනප්‍රියත්වය.

* තේජා දැන් රඟපාන්න ඇවිත් කොපමණ කලක් වෙනවාද?

අවුරුදු දෙකයි.

* කොහොමද ඔබට රංගන අවස්ථාවන් හිමි වන්නේ?

ඇත්තම කිව්වොත් මං නිළියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මං රූපලාවණ්‍ය ව්‍යාපාරයක් කරමින් හිටියේ. ඔය අතරතුරදී සුසිල ආයතනයේ තිර පරික්ෂණයකට එකතු වන්නට ලැබුණා. ඒ රෑන ටෙලි නාට්‍යයේ.

* ඔබ රෑන නාට්‍යයේ හිටියේ නැහැ නේද?

ඔව්. ඉන්නකෝ කියනකම්. මට ඒ නාට්‍යයට එකතු වන්නට බැරි වුණා. නමුත් එදා ගත්තු ෆොටෝස් දැකලා නිර්මාණකරුවන් කිහිප දෙනෙක් වෙළෙඳ දැන්වීම් වලට මාව ගත්තා. ඒ සබඳකම් ඔස්සේ මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න ලැබුණා.

* මොකක්ද ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍ය වුණේ?

ත්‍රිෂූල දීප තඹවිටගේ මිණි මහිම. මට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ උදයශාන්ත ලියනගේ අයියා. මම මිණි මහිම නාට්‍යයේ සුලේකා.

* මිණිමහිම නාට්‍යයෙන් පසුව ඔබ රඟපෑ නිර්මාණ පෙළ ගැන මතක් කළොත්?

ඇසිඩ්, උතුම් පැතුම්, මීදුමෙන් එහා, හංස පිහාටු, කළු කුරුල්ලා, නූර්යා. මේ නාට්‍ය විකාශය වුණා. තව මගේ නාට්‍ය පහක් විතර එන්න තියෙනවා.

* රංගනය නිසා දැන් බිස්නස් අතහැරලද?

කාල වේලාවත් එක්ක මට වැඩි වශයෙන් හිත යොමු කරන්න වුණේ රංගනයට. බිස්නස් පැත්ත ක්‍රමයෙන් අතහැරුණා.

* ඔබ බිස්නස්වලට වැඩිය රංගනයට පෙම් බැඳලා වගේ?

එන්න එන්නම මට රංගන අවස්ථා වැඩි වුණා. ඒත් සමඟම නොදැනුවත්වම මාව ඊට යොමු වුණා. ඇත්තම කිව්වහොත් මේ වන විට මං රංගනයට ආදරය කරන්න පටන් අරන්. රංගනය ගැන පුංචි ලෝබකමකුත් තියෙනවා.

* ආයේ බිස්නස් පැත්තට යොමු වෙන්න හිතක් නැහැ?

තියෙනවා. ළඟදීම මං ආයෙත් මගේ ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා.

* රඟපාලා ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

මට ජනප්‍රියත්වය ලැබුණා දැනෙන්නම. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ලොකු සතුටක් දැනෙනවා. එහෙම හැමෝටම ජනප්‍රිය වෙන්නත් බැහනෙ.

* මේ ක්ෂේත්‍රයේ තරුණ නිළියන්ට ගොසිප් හැදෙනවා?

ඔව්. එහෙම වෙනවා තමයි. මං හිතන විදිහට ගොසිප් හදාගන්නේ නැතුව ඉන්න එක තමයි දස්කම.

* නමුත් වැඩි දෙනා ජනප්‍රියත්වය තකා තමන් විසින්ම ගොසිප් හදා ගන්නවා?

හෙමත් වෙනවා. ඒක ඒ අයට හොඳයි. අපිට එහෙම බෑ.

* තේජා රංගනය හදාරනවාද?

රංගනය හදාරනවා. නමුත් විශේෂ පාසලකට ගිහින් නෙවෙයි. නාට්‍යවල රඟපාලාම තමයි මං ඉගෙන ගන්නේ. විශේෂයෙන් ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා වගේ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ අධ්‍යයනය හරිම වැදගත්.

* රඟපාන්න ගිහින් එක්තරා දිනයක ටැක්සියකට රුපියල් දොලොස් දාහක් දුන්නු කතාව දැන් කියමුද?

ඒ සිද්ධිය මතක් වෙද්දිත් හිනා යනවා. නමුත් ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. වැඩි දෙනෙකුගේ සුබසිද්ධිය තකා මං මේ නාට්‍යහි නමවත් ඊට සම්බන්ධ නිර්මාණකරුවන් ගැනවත් කියන්නේ නැහැ. රූගත කිරීම් තිබුණේ යටියන්තොට පැත්තේ. රෑ දොළහට විතර මාව ගත්තා. දර්ශන තලයට ගියාට පස්සේ ඒ අයත් එක්ක වැඩ කරන්න බැහැ. හරිම අමාරුයි. ඒ මදිවට ඒ ප්‍රදේශයට සිග්නල්වත් නැහැ. අන්තිමේ බොහොම අමාරුවෙන් ටැක්සියක් කතා කරගෙන කොළඹ ආවා. ටැක්සියේ බිල දොළොස් දාහක්. අතින් කයිට් වැඩක් වුණේ.

* තේජාට සිනමාවට ඇරැයුම් ලැබිලා නැතිද තවම?

ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්.

* ඔබේ පදිංචිය කොහේද?

බොරලැස්ගමුව.

* ඉගෙන ගත් පාසල?

සමුද්‍රදේවි බාලිකා විදුහල.

* උපන් දිනය?

සැප්තැම්බර් හත

* පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි.

* ස්තුතිවන්ත වන පිරිස ගැන මතක් කරමු?

ජයප්‍රකාශ් සිවගුරුනාදන්, උදය ශාන්ත ලියනගේ, චාමර සමරවික්‍රම, ත්‍රිෂූල දීප තඹවිට, සද්ධා මංගල සූරිය බණ්ඩාර.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

හරිම සරල සංවේදී කෙනෙක්.

 

 
 

නව අදහස දක්වන්න