ගංගා නදියේ හින්දු උත්සවයක දී හයක් මරුට | දිනමිණ

ගංගා නදියේ හින්දු උත්සවයක දී හයක් මරුට

ඉන්දියාවේ ගංගා නදියේ පැවැති හින්දු උත්සවයක දී ඇති වූ කලබලයක් හේතුවෙන් කාන්තාවන් හය දෙනකු මිය ගොස් තිබේ. බටහිර බෙංගාලයේ ගංගාසාගර්හි දින දෙකක් පුරා පැවැති අස්වැන්න නෙළීමේ උත්සවය අවසන්ව පැමිණෙමින් සිටි පිරිස් ජැටිය වෙත තල්ලු වී යාම නිසා මේ කාන්තාවන් මරු මුවට පත් වී ඇති බව ප්‍රාන්ත ඇමැතිවරයා පැවසීය.

මේ අතර තවත් 10 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර වතුරට වැටෙන්නට ඇතැයි විශ්වාස කරන පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඊට පෙර දින බිහාර් ප්‍රාන්තයේ පැට්නා අසල පැවැති සරුංගල් උත්සවයක් අවසානයේ එය නරඹා ආපසු එමින් සිටි පිරිසක් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් 24 දෙනකු මිය ගියේය.

පුද්ගලයන් 12 දෙනකු පිහිනා ගොස් දිවි බේරා ගෙන තිබූ අතර තවත් 8 දෙනකු රෝහල් ගත කෙරිණි.

අස්වැන්න නෙළීමේ 'මකාර් සංක්‍රාන්ති' උත්සවය සඳහා ගංගා නදිය සාගරය හා එක්වන ගංගාසාගර් වෙත මිලියන 1.5ක් පමණ රැස් වී සිටි බව වාර්තා වේ. 

බී. බී. සී

නව අදහස දක්වන්න