පාසල් තරග බිම උණුසුම් කරවන ලීග් රගර් තරගාවලිය | දිනමිණ

පාසල් තරග බිම උණුසුම් කරවන ලීග් රගර් තරගාවලිය

ෆවුස් මොහොමඩ්

පාසල් රගර් පිටියේ වඩාත්ම උණුසුම් තරගාවලිය වන අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමුපෙළ රගර් තරගාවලිය පෙබරවාරි මස 21 වැනිදා ඇරැඹේ.

පාසල් තරග බිමේ විශිෂ්ටතම කණ්ඩායම් 12ක් තරග වදින මෙවර තරගාවලියේ පළමු තරගය පසුගිය වසරේ ශූරයන් වන ඉසිපතන විදුහල් පිල සහ මහනුවර ධර්මරාජ විදුහල් පිල අතර පැවැත්වීමට නියමිතය.

කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 6 බැගින් මූලික වටයේදී තරග වදින අතර එහිදී එක් එක් කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 බැගින් කුසලාන වටයට සුදුසුකම් ලබනු ඇත. සති පහක් පුරා පැවැත්වෙන මූලික වටයේ තරගවලින් පසුව එක් එක් කාණ්ඩවල 5 සහ 6 වැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් සමග දෙවැනි කොටසේ තරගාවලියේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 බැගින් දෙවැනි වටයේ දී පළඟ ශූරතාව සඳහා තරග වදිති. මාර්තු මස 27 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියේ දී ඉසිපතන, රාජකීය, සාන්ත පීතර, සාන්ත අන්තෝනි, සාන්ත ජෝශප් සහ ධර්මරාජ විදුහල් ‘ඒ‘ කාණ්ඩය යටතේ ද, පසුගිය වසරේ අනුශූර සාන්ත තෝමස්, විද්‍යා විද්‍යාලය, ත්‍රිත්ව, වෙස්ලි, සහිරා සහ වේල්ස් කුමාර විදුහල් ‘බී‘ කාණ්ඩය යටතේ ද තරග බිමට පිවිසෙති. මේ තරගාවලියේ ප්‍රධානතම පාසල් අතර තරග සුපුරුදු පරිදි දෙවිදුහල් අතර වාර්ෂිකව හුවමාරු වන කුසලාන හෝ පළිහ සඳහා පැවැත්වෙයි. දෙවැනි වටයේ තරග අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමුපෙළ රගර් තරගාවලියට එක්වන කණ්ඩායම්

‘ඒ‘ කාණ්ඩය - ඉසිපතන, රාජකීය, සාන්ත පීතර, සාන්ත අන්තෝනි, සාන්ත ජෝශප්, ධර්මරාජ

‘බී‘ කාණ්ඩය - සාන්ත තෝමස්, විද්‍යා විද්‍යාලය, ත්‍රිත්ව, වෙස්ලි, සහිරා, වේල්ස් කුමාර

මූලික වටයේ තරග කාලසටහන

පෙබරවාරි 21-27 - ඉසිපතන - ධර්මරාජ, රාජකීය - සාන්ත ජෝශප්, සාන්ත පීතර - සාන්ත අන්තෝනි, සාන්ත තෝමස් - වේල්ස් කුමාර, විද්‍යා - සහිරා, වෙස්ලි - ත්‍රිත්ව.

පෙබරවාරි 29 - මාර්තු 6 - සාන්ත ජෝශප් - ඉසිපතන, ධර්මරාජ - සාන්ත අන්තෝනි, රාජකීය - සාන්ත පීතර, සහිරා - සාන්ත තෝමස්, වේල්ස් කුමාර - වෙස්ලි. විද්‍යා - ත්‍රිත්ව.

මාර්තු 7- 13 - ඉසිපතන - සාන්ත අන්තෝනි, සාන්ත ජෝශප් - සාන්ත පීතර, ධර්මරාජ - රාජකීය, වෙස්ලි - සාන්ත තෝමස්, සහිරා - ත්‍රිත්ව, වේල්ස් කුමාර - විද්‍යා.

මාර්තු 14- 20 - සාන්ත පිතර - ඉසිපතන, සාන්ත අන්තෝනි - රාජකිය, සාන්ත ජෝශප් - ධර්මරාජ, සාන්ත තෝමස් - ත්‍රිත්ව, වෙස්ලි - විද්‍යා, සහිරා - වේල්ස් කුමාර.

මාර්තු 21 - 27 - ඉසිපතන - රාජකිය, සාන්ත පීතර - ධර්මරාජ, සාන්ත අන්තෝනි - සාන්ත ජෝශප්, සාන්ත තෝමස් - විද්‍යා, ත්‍රිත්ව - වේල්ස් කුමාර, වෙස්ලි - සහිරා. 

නව අදහස දක්වන්න