මුහුණු පොතේ මිතුරන්ගෙන් පාසලකට ගොඩනැගිල්ලක් | දිනමිණ

මුහුණු පොතේ මිතුරන්ගෙන් පාසලකට ගොඩනැගිල්ලක්

මුහුණු පොතේ මිතුරන්  පිරිසක් එක්ව පලාගල ප්රදේශීය ලේකම් කොට්ටාශයේ තෙලදින්නන්වැව විදුහලේ ටකරන් මඩුව වෙනුවට රුපියල් ලක්ෂ 11ක ගොඩනැගිල්ලක් තනා පරිත්‍යාග කර තිබේ.

මේ පාසලේ ටකරන් මඩුවක දරුවන් ඉගෙන ගන්නා බවට මුහුණු පොතේ ජායාරුපයක් තරුණයකු දැක මිතුරන්ට දැනුම්දී ඇත.

මිතුරන් කහිප දෙනකු මුහුණු පොතට පාසල ගැන වැඩි විස්තර ඇතුලත් කිරීමත් සමග තරුණ තරුණියෝ රැසක් එක්වී ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා කරගෙන ඇත.

මේ යෝජනාවට මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් හතරක ආදී සිසු සිසුවියන් පිරිසක්ද මුහුණු පොත හරහා එක්වී ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍යය වටපිටාව සකසාගෙන තිබේ.

එමෙන්ම මේ පාසල ඉදිකිරීමට මුල්වූ තරුණයකු හදිසි අනතුරකින් මියගොස් ඇති නිසා ඔහුගේ නමින් ශාලාව නම් කිරීමට ද මිතුරු කැළ තීරණය කර ඇත.

නව අදහස දක්වන්න