කටකතා කොච්චර හැදුණත් මම බය නැහැ | දිනමිණ

කටකතා කොච්චර හැදුණත් මම බය නැහැ

මේ දිනවල අතිශයින් ජනප්‍රිය ‘සල්සපුනා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරන දර්ශන තලයේ කාලය ගත කරන්න අපිට ඉඩකඩ ලැබුණා.සල්සපුනා හි ජූඩි ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.ඇය මේ දිනවල ගොඩක් සතුටෙන් ඉන්නවා කියලත් ආරංචියි.ඒ ගැන දැන ගන්නත් එක්කම ජූඩි ට රංගනයෙන් දායක වන ඉරේෂා රණසිංහ සුපුරුදු සිනහවෙන් අපිත් එක්ක‘තරුවක් සමඟ‘ සංවාදයට එකතු වුණා.

කොහොමද ජූඩි ට ලැබෙන ප්‍රතිචාර?

අම්මෝ, කියන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා.

ජූඩි ට ඇයි මේ තරම් කේන්ති යන්නේ ?

ජූඩි කියන්නේ ගොඩක් ආදරේ සොයන කෙනෙක්.ඉතින් ඒ ආදරේ වෙන කාටවත් අයිති වෙනවට එයා කැමැති නැහැ. චරිතෙට ඕන හැමදෙයක්ම මම ම හදාගෙනයි චරිතේ කරන්නේ.

දීර්ඝ කාලෙකට පස්සේ තමයි අපිට ඔබව දකින්න ලැබුණේ

ඔව්.මම අවුරුදු 2 2/1 කාලයක් නිහඬ වෙලා හිටියේ.ඒ පුතා නිසා.ඒත් දැන් දිගටම රංගනයේ යෙදෙනවා.

මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම දකින්න ලැබෙනවා

සල්සපුනා ටෙලි නාට්‍යට අමතරව ස්වර්ණවාහිනියේ ‘චකී’ සහ සිරසේ ‘අනන්තා’ කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඒ චරිත සල්සපුනා හි ජූඩිට වඩා ගොඩක් වෙනස්.

අම්මව රූපවාහිනී තිරයෙන් දකිද්දී පුතාලා දෙන්නට සතුටු ඇති නේද ?

පුතාලට ලොකු දැනුමක් නැහැ අම්මා රඟපානව කියලා. ටෙලි නාට්‍යයේ සමහර තැන් වලදී මම අඬන නිසා ඒ දෙන්න කැමැති නැහැ බලන්න.

පුතාලා දෙන්නව රංගන ක්ෂේත්‍රයට යවන්න අදසක් නැද්ද?

එක්කෙනෙක් රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යවන්න කැමැත්තක් තියෙනවා.

රංගනයේ යෙදෙද්දී ගොඩක් අයට පවුල් ජීවිතය අමතක වෙනවා. ඔබටත් එහෙමද?

කවදාවත් නැහැ. හැම දෙකටම වඩා මට වටින්නේ පවුල් ජීවිතය. මගේ ජිවිතේ මුල්තැන දෙන්නේ එතැනට. මට ඉන්නේ හස්බන්ඩ් සහ දරුවන් දෙදෙනා විතරයි. මට වෙන කවුරුවත්ම නැහැ. මගේ හැම වැඩකදීම හස්බන්ඩ් මං ළග ඉන්නවා. මගේ හොඳම යාළුවා වගේම සහෝදරයාත් ඔහුයි.

ඔබට කටකතා කියන දේ හැදිලම නැද්ද ?

නැහැ.මම නිහඬ කෙනෙක්. මට කලා ක්ෂේත්‍රයේ යාළුවෝ කවුරුත් නැහැ. මම ෂූටින් වලට ගියත් මගේ වැඩේ කළා මම ආවා.මම අනිත් අයගේ දේවල් සොයන්න යන්න නැහැ. ඒ නිසා මට කටකතා හැදිලා නැහැ. කටකතා කොච්චර හැදුණත් මම බයවෙන්නෙත් නැහැ.

සිනමාව තුළ ඔබව දකින්න ලැබෙන්නේ නැත්තේ ආරාධනා නොලැබෙන නිසාද?

එහෙමත් කියන්න බැහැ. ආරාධනා ලැබෙනවා. මම නිර්මාණ භාර ගනිද්දී ගොඩක්ම චරිතය, ඇඳුම් කියන දේ ගැන ගොඩක් හිතන කෙනෙක්. ලැබෙන චරිත මට ගැලපෙන්නේ නැත්නම් මම ඒ නිර්මාණ භාර ගන්නේ නැහැ.

අලුත් අවුරුද්දේ ලොකු හීනයක් තියෙනවා කියලා ආරංචියි.

ඉක්මනටම අපේ සිහින නිවහනට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව.

 

 

නව අදහස දක්වන්න