BioInquirer අධ්‍යාපන ප්‍රදර්ශනය 15දා ටාජ් සමුද්‍රාහි දී නොමිලේ | දිනමිණ

BioInquirer අධ්‍යාපන ප්‍රදර්ශනය 15දා ටාජ් සමුද්‍රාහි දී නොමිලේ

 අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන International Institute of Health Sciences (IISH හි අධ්‍යයන සහ පර්යේෂණ අංශය වන BioInquirer විසින් ප්‍රථම වරට නොමිලේ සංවිධානය කරනු ලබන BioInquirer අධ්‍යාපන ප්‍රදර්ශනය ජනවාරි 15 වැනි ඉරිදා උදෑසන 9 සිට සවස 6 දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ක්‍රිස්ටල් බෝල් රූම්හි දී පැවැත්වේ. ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගි වන අතර, උසස් පෙළ ප්‍රතිඵල ලැබුණ සිසු සිසුවියන්ට තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාතික විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන සහ උපාධි පාඨමාලා තෝරා ගැනීමට මෙහි දී අවස්ථාව උදා වේ. විදේශ විශ්වවිද්‍යාලවල නියෝජිතයන් සමඟ ඒ මොහොතේදීම කතා බහ කර සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙහි දී හැකියාව ලැබෙයි.

එසේම වෘත්තීයවේදීන් සහ වෘත්තීය මාර්ග උපදේශකවරුන් රැසක් මේ ප්‍රදර්ශනයට සහභාගී වන අතර, ඔවුන්ගෙන් සිය උසස් අධ්‍යාපනයට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ගැනීමේ අවස්ථාව සිසු සිසුවියන්ට හිමි වේ. ප්‍රමුඛ පෙළේ වෘත්තීන්වල නියැළෙන වෘත්තීය නිපුණත්වයෙන් සපිරි ප්‍රවීණයන් ඉදිරිපත් කරන වෘත්තීය මාර්ගෝපදේශන සහ උසස් අධ්‍යාපනය පිළිබඳ සම්මන්ත්‍රණ ද මේ ප්‍රදර්ශනයට සමාගාමීව නොමිලේ පැවැත්වෙන අතර සිසු සිසුවියන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළු ද ඊට අන්තර්ගතය. අධ්‍යාපන ප්‍රදර්ශනය අතරතුර පැවැත්වෙන දේශන සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමට කලින් නොමිලේ ලියාපදිංචි විය යුතුය. 0766566078 හා 0768231831 යන අංකවලට අමතා වැඩි විස්තර දැන ගත හැකිය.

නව අදහස දක්වන්න