අක්ෂි-පටක ගැනීමේදී පහසුකම් | දිනමිණ

අක්ෂි-පටක ගැනීමේදී පහසුකම්

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සඳහා අක්ෂි සහ පටක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස සියලු රජයේ රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර ඇත්තේ ඉදිරියේදී චක්‍රලේඛයක් මඟින් ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමටයි.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඩී.සී. රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට ඇතැම් ආනයන සමාගම්වලින් මුදල් ලැබීමේ ජාවාරමක් පිළිබඳව ද  තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම ජාවාරම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද වාර්තාවේ.

නව අදහස දක්වන්න