විමල් වීරවංශ සිල් ගනියි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබේ.

සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ ආගමික වැඩසටහන් සංවිධාන කරන්නේ එහි සුබසාධක සංගමය විසින්.

ඒ අනුව දුරුතු පොහොය වෙනුවෙන් අද සිල් සමාදන් වීමට කැමැත්තෙන් සිටින රැඳවූවන් පිළිබඳ ඔවුන් ලේඛනයක් සකසා ඇත.

බන්ධනාගාර ආරංචි කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 85 දෙනෙකු එම ලේඛනයේ නම සඳහන් කර ඇති බවය.

අදාළ ආගමික වතාවත් බන්ධනාගාරය තුළම පිහිටි විහාරස්ථානයේ දී සිදු කෙරෙනු ඇති.

විමල් වීරවංශ රඳවා ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...