විමල් කෝටි 9කට වඩා වැඩි මුදලක් රටේ පුරවැසියන්ට අහිමි කළා | දිනමිණ

විමල් කෝටි 9කට වඩා වැඩි මුදලක් රටේ පුරවැසියන්ට අහිමි කළා

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා රජයේ දේපළ අවභාවිත කිරීමෙන් රටේ පුරවැසියන්ට රුපියල් කෝටි 09 කට අධික මුදලක් අහිමි කළ බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා කියයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා කීවේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතූන් මත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

‘මෙම ආයතනයේ වාහන අවභාවිතා වී ඇති බවට මුලින්ම කරුණු අනාවරණය කර තිබුණේ ඔහු ඇමැති ධුරයේ කටයුතු කරමින් සිටියදීමයි. 2014 පැවැත්වූ එම ආයතනයේ අභ්‍යන්තර විගණනයකදී හෙළි වී තිබෙනවා වාහන අවභාවිත කිරීම ගැන.

මේ සිදුවීමෙන් රජයට වී ඇති පාඩුව කෝටි නවයකට අධිකයි. මෙතැන දේශපාලන පළිගැනීමක් නෑ.‘ යැයි ද පෙරේරා මහතා කීවේය.

මාධ්‍යවේදියෙක් - මෙම ආයතනයේ සභාපති ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට නොගෙන එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ඇමැති අත්අඩංගුවට ගත්තේ ඒ සභාපති අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසාද?

පිළිතුර (රාජිත සේනාරත්න මහතා) - මේ වාහන අවභාවිත වීම් සිදුවී තිබෙන්නේ ඔහු සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවයි. ඔහු කෙටි කාලයයි සභාපති ධුරයේ සිටියේ. ඔහුට නීති විරෝධී නියෝග ලැබෙද්දි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ප්‍රශ්නය - විමල් වීරවංශ ඇමැතිවරයාගේ නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි පුද්ගලයා අද මේ ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැතිවරයෙක්. ඔහු අත්අඩංගුවට නොගන්නේ ඒ නිසාද?

පිළිතුර - අනිත් ඇමැතිවරුන් ගනිද්දි ඇහුවේ නැහැනේ ඇයි ඒ අමාත්‍යංශවල නියෝජ්‍ය ඇමැතිවරුන් නොගන්නේ කියා. ඔහු තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට වාහන ලබා දුන් බවට අනාවරණය වෙලා නෑ. 

නව අදහස දක්වන්න