ජාලිය වික්‍රමසූරිය තවදුරටත් රිමාන්ඩ්

සුභාෂීණී සේනානායක

රජයේ මුදල් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ,විශ්වාසය කඩ කිරීම ,ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම මෙන්ම ආධාර හා අනුබල දීම යන වරදවල් යටතේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ අමෙරිකන් එක්සත් රාජධානියේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය වික්‍රමසූරිය තවදුරටත් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) නියෝග කළාය.

සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර නිලධාරින් අධිකරණයට කියා සිටියේය.

මේ මුදලින් අමෙරිකානු ඩොලර් 250000ක් පී පී පී ඉන්ටර්නැෂිනල් සමාගමට සහ සිලෝන් රෝයල් ටී ආයතනයට එවා ඇති බව විමර්ශන අනාවරණය කළ බව අධිකරණයට දැනුම් දුන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය එම මුදලින් මේ ගනුදෙනුවට සම්බන්ධ නැති වොෂින්ටන්හි පිහිටි පේපර් කොම් නැමැති ආයතනයට එවා ඇති බව දැනුම් දුන්නේය.

මේ මුදල් ලබා ගත් අයගේ අනන්‍යතාවය තහවරු කර ගැනිමට මේ වන විට විමර්ශන සිදු කරන බවද ප්‍රකාශ කළ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ විමර්ශන සඳහා අමෙරිකාවේ රහස් ඔත්තු සේවාවේ සහායද ලබා ගන්නා බවද කියා සිටියේය.

විමර්ශන කඩිනිම් කරන ලෙස කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරු සුව් වි ඇත්නම් ඉදිරි නඩු දිනයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.

සැකකරුගේ අසනීපය සම්බන්ධ බන්ධනාගාර රෝහල් වාර්තාව සහ කොළම ජාතික රෝහලේ වාර්තාව අධිකරණයට භාර දුන්නේය.

සැකකරුට ඇප ලබා දෙන ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුලු නිතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 13 වනදා ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

පොදු දේපල හා මුදල් විශුද්ධිකරණ පනත් යටතේ සැකකරුට චෝදනා ගොනු කර තිබූ අතර සැකකරු ඇමරිකාවේ තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 66ක මුදලක් සහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත් ඉන් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් තමන් සඳහා යොදාගෙන ඇති බවටත් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සැකකරුට චෝදනා ගොනු කර ඇත.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නිතිඥ කාලංග ඉන්දතිස්ස මහතා ඇතුල් නිතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...