ඩෙංගු මදුරුවන්ගෙන් බේරෙන්න අම්බලන්ගොඩ පාසල් සිසුවියෝ අත්දිග ඇඳුමින් සැරසෙයි

ඩෙංගු අවදානම් කලාපයක් ලෙස නම් කොට තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ද මේ වන විට ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සෞඛ්‍ය නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර මේ රෝගීන් අතර පාසල් සිසුන් ද සිටින බව සොයා ගෙන තිබේ. මේ නිසා සෞඛ්‍ය බලධාරීහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල්වලට ගොස් ඩෙංගු රෝගයෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් පිළිබඳව පාසල් දරුවන් මෙන්ම ඔවුන්ගේ මවුපියන් ද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මේ දිනවල පවත්වති. මේ තත්ත්වය නිසා පාසල් ප්‍රධානීන්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව පාසල් දරු දැරියන් මේ දිනවල පාසල වෙත පැමිණෙන්නේ තම නිල ඇඳුමට යටින් කකුල් සම්පුර්ණයෙන් වැසෙන සේ දිග මේස් කලිසම් සහ අත් දිග මේස් ටී ෂර්ට් වලින් සැරසීගෙනය. මෙහි දැක්වෙන්නේ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ කුඩා දැරියන් ඩෙංගු මදුරුවන්ගෙන් බේරීම සඳහා අත්දිග ඇඳුම් සහ කකුල් වැසෙන සේ දිග මේස් කලිසම්වලින් සැරසී පාසල වෙත පැමිණි සිටි අයුරුයි.

ඡායාරූප - අම්බලන්ගොඩ සමූහ-ආර්.ඥානදාස 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...