හම්බේගමුවේ රක්ෂිතයක කංසා හේනක් වටලයි

 හම්බේගමුව උල්කන්ද රක්ෂිතයේ දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය අක්කරයක ගංජා හේනක් වටලා එක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් ලක්ෂ 80ක් පමණ වටිනා ගංජා හේනක් කපා ගිනි තබා විනාශ කළ බව බිබිල පොලිසිය කියයි.

බිබිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිල් ජයවීර මහතාට තම පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත පළාතේ පොලිසියේ ප්‍රබල නිලධාරීන්ගේ උපදෙස් මත තම පොලිසියේම පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ හම්බේගමුව ප්‍රදේශයට ගොස් රහසිගතව රැයක්

වනාන්තරයක වැටලීම් කර ගංජා හේන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරී කණ්ඩායම ගංජා හේනට අලුයම් කාලයේ ඇතුළු වෙද්දී මිද්දෙණිය කටුවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හේනේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. අක්කරයක භූමි ප්‍රදේශයේ අඩි අටක් නවයක් උසට සරුවට වැඩී තිබුණු ගංජා ගස් ගලවා ගිනිතබා විනාශ කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ගංජා ශාක කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරිමට හම්බේගමුව පොලීසියට භාරදී තිබේ.

මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල,සහකාර පොලිස් අධිකාරී සමරනායක,බිබිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඒ.කේ බංඩාර මහතාගේ උපදෙස් මත

අපරාධ අංශයේ ස්ථානාධිපති සිරිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් පිරිසක් විසින් වැටලීම සිදුකර ඇත.

ඡායාරූපය - ඌව පළාත් සමූහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...