සිනර්ජි රගර් ඇකඩමියේ ‘ටැග්’ රගර් තරග 14දා | දිනමිණ

සිනර්ජි රගර් ඇකඩමියේ ‘ටැග්’ රගර් තරග 14දා

ෆවුස් මොහොමඩ්

සිනර්ජි රගර් ඇකඩමියේ තුන්වැනි සංවත්සරය නිමිත්තෙන් පළමුවරට සංවිධාන කරන ‘ටැග්‘ රගර් සත් සාමාජික තරගාවලිය මේ මස 14 වැනිදා හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

කාණ්ඩ 4ක් යටතේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ රගර් ක්‍රීඩකයන් තරග වදින මේ තරගාවලිය අවුරුදු 10න් පහළ, 16න් පහළ, බැංකු කණ්ඩායම් සහ අවුරුදු 35න් පහළ කණ්ඩායම් වශයෙන් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙන අතර ඊට කණ්ඩායම් 25කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කරති. පාසල්, හිටපු ක්‍රීඩකයන් සහ රගර් ඇකඩමි සහ වෙළෙඳ සේවා රගර් කණ්ඩායම් රැසක් ඒ අතර වෙති.

අවුරුදු 10න් පහළ හා අවුරුදු 16න් පහළ කණ්ඩ නියෝජනය කරමින් ‘සිනර්ජී’ ඇකඩමිය, හර්ෆා ඇකඩමිය, මහනුවර රගර් ඇකඩමිය, දරුසලාම් ක්‍රීඩා සමාජය, කොළඹ වෙස්ලි විද්‍යාලය සාන්ත තොමස් විද්‍යාලය, සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විදුහල, කොළඹ තර්ස්ටන් විද්‍යාලයය හා සාන්ත බෙනඩික් විද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලියට සහභාගි වීමට නියමිතය. වෙළෙඳ සේවා බැංකු කාණ්ඩය නියෝජනය කරමින් අමානා හෝල්ඩින්, අමානා බැංකුව, අමානා තකාෆුල්, සී.ඩී.බී.බැංකුව, ඒ.ඩී.එල්. බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හැටන් නැෂනල් ඇෂුරන්ස්, ආර්පිකෝ අල් ජබාල් මූල්‍ය සමාගම හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව තරගාවලිය නියෝජනය කරති.

මීට අමතරව පවුලේ සියලුම සාමාජිකයන්ට විනෝද විය හැකි විවිධ විනෝදාංගවලින් සමන්විතව සැණකෙළි ස්වරූපයෙන් පැවැත්වෙන මේ තරගාවලියට ආර්පිකෝ (අල් ජබාල්) ෆිනෑන්ස් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දී ඇත. 

 

නව අදහස දක්වන්න