වෙළෙඳ සේවා ‘සී’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 10 ක්

ගීෂා මුණසිංහ

ප්‍රේස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහකත්වයෙන් නව වසරේ පළමු තරගාවලිය ලෙස වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා “සී.” කාණ්ඩයේ එක්දින “ලීග්” පන්දුවාර 50 තරගාවලියේ දෙවැනි අදියර පෙබරවාරි 11, 12 හා 18 සති අන්තවල දී පැවැත්වෙයි.

බී.එම්.ඩබ්ලිව්./හුන්ඩායි මෝටර් රථ ගෙන්වා බෙදා හරින ප්‍රේස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගම මේ තරගාවලියට 6 වැනි වරටත් අනුග්‍රහය දක්වයි. බී.එම්.ඩබ්ලිව්./හුන්ඩායි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලියට නවකයන් ලෙස ඩී.එච්.ටී. සිමෙන්ට් කණ්ඩායම එක්ව සිටීන අතර තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙයි.

එල්.බී.ෆිනෑන්ස් “බී” කණ්ඩායම, කොමර්ෂල් ක්‍රෙඩිට් හා ෆිනෑන්ස් “බී” කණ්ඩායම, කොමර්ෂල් ලීසිං හා ෆිනෑන්ස් කණ්ඩායම, නේෂන් ට්‍රස්ට් බැංකු “ඒ” කණ්ඩායම හා කළම්බු ඩොක්යාඩ් යන කණ්ඩායම් “ඒ” කාණ්ඩයෙන් තරග වදින අතර ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකු කණ්ඩායම, ජේ.එල්. මොරීසස් කණ්ඩායම, සිවිල් ගුවන්සේවා කණ්ඩායම, පීපල් ලීසිං කණ්ඩායම හා ඩී.එච්.ටී. සිමෙන්ට් යන කණ්ඩායම් “බී” කාණ්ඩ නියෝජනය කරමින් තරග වදිති.

“ලීග්” කාණ්ඩයෙන් තරග 20ක් පැවැති අතර දෙවැනි අදියර පිළිමලුන් පිටුදැකීමේ කාණ්ඩයෙන් කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කරගනිමින් මොරටුව ඩී.සොයිසා, සාන්ත බෙනඩික්, වෙස්ලි, තර්ස්ටන් ක්‍රීඩාංගණවලත්, මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ කටුනායක වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්වෙයි.

තරගාවලියේ ශූරයන්ට බී.එම්.ඩබ්ලිව්./හුන්ඩායි කුසලානයට අමතරව දක්ෂතම පිතිකරුවා, තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස කුසලාන පිරිනැමීමට නියමිතය.

පසුගිය වසරේ දී වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයෙන් මැක්ලරන්ස් කණ්ඩායම කඩුලු දෙකකින් පරදා පෑන් ඒෂියා බැංකු කණ්ඩායම බී.එම්.ඩබ්ලිව්./හුන්ඩායි කුසලානය හිමිකර ගැනීමට සමත් විය.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සමාජයේ දී පැවැති අතර ඒ අවස්ථාවට ප්‍රේස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජූලියන් රොයිටර් මහතා හුන්ඩායි ලංකා පුද්ගලික සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ නිරංග පීරිස් මහතා හා සමාගම් අලෙවි අධ්‍යක්ෂ රංජිත් ජයවර්ධන මහතා ද, වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නිරාන් මහවත්ත, එම සංගමයේ ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ හා තරගාවලියේ සභාපති සුජීව ද සිල්වා මහත්වරු සහභාගී වූහ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...