ඝාතන සිද්ධියකට පහකට මරණ දඬුවම | දිනමිණ

ඝාතන සිද්ධියකට පහකට මරණ දඬුවම

එකම පවුලේ පස් දෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද මරණ දඬුවම නියම කළේය.

ඒ ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ 44 හැවිරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළවයි.

මෙසේ මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වෙති.

2009 වසරේ ජනවාරි 15 දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුකර තිබේ.

නව අදහස දක්වන්න