කවිය මට අවියක්

අනුසාර මාහිංගොඩ
ඡායාරූප - සමන්ත වීරසිරි
ෆරීන් බූසෝ

හේ කවියෙකි. සමාජ ක්‍රියාධරයෙකි. වාම දේශපාලන ක්‍රියාධරයෙක්ද වන ඔහු, කවිය අවියක් කොටගෙන අරගලයට දායකත්වය දෙන්නෙකි. ෆරීන් බූසෝ වන මේ කවියාගේ ප්‍රථම කාව්‍ය කෘතිය 'ඉබාගාතයා වාර්තාකරයි සහ තවත් කවි 'නමින් එළිදක්වා ඇත. කවි තිස් දෙකකි. මෙය අරුණාලෝක ප්‍රකාශනයකි.

පත්තරවල, අන්තර්ජාලයේ, මුහුණු පොතේ, බ්ලොග් අඩවිවල කවි තොග ගණන් ලියනවා. ඒ අතර හොඳ කවි නැතුවාම නොවේ. බොහෝ කවි ලියන‍්නේ හැදෑරීමකින් තොරවයි. සාහිත්‍ය කියන්නේ පූර්ණ කාලීන වැඩක්. අපේ කවියෝ ජීවන අරගල කරන ගමන් කවි ලියන්නේ. ඒ නිසා, කවියට දෙන්න වෙන්නේ පොඩි තැනක්. අනිත් කාරණය මම කලින් කිව්වා වගේ කවියටත් හොඳ විචාර කලාවක් නෑ.

ඔබ ප්‍රකටව ඇත්තේ සමාජ ක්‍රියාධරයෙක්, වාම දේශපාලනයට සක්‍රීය ලෙස දායකවූවෙක් ලෙසටයි. ඔබ කාව්‍යකරණයට එළැඹෙන්නේ කවරදා සිටද?

තාත්තා වතු සේවයේ හිටියේ. එවකට මා අධ්‍යාපනය ලැබුවේ මස්කෙළිය - සමන්එළිය මහ විදුහලේ. පළවෙනි, දෙවැනි ශ්‍රේණිවල දී තාත්තා මට කතන්දර පොත ගෙනත් දෙනවා. අම්මා ඒවා රස කරලා කියල දෙනවා. එයින් තමා රසිකත්වය පිළිබඳ මුල්ම උත‍්තේජනය ඇතිවන්නේ.

මා උසස් පෙළ හැදෑරුවේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්. ඒ කලා අංශයෙන්. එහිදී සාහිත්‍ය රසාස්වාදයට හොඳ ගුරුවරයෙක් හමුවුණා පී. බී. ගලහිටියාව කියලා. එතුමා එදිරිවීර සරච්චන්ද්‍රගේ ගෝලයෙක්.

ඒ කාලෙ අපේ ගෙදරින් දෙනවා මට රුපියල් දෙකක් දවල් කෑමට. මම ඒක එකතුකරගෙන කටුගස්තෙට ඉදලා මහනුවරට එනවා. ඒ මුදල්වලට සරච්චන්ද්‍රගේ, කේ. ජයතිලකගේ, ජී. බී. සේනානායකගේ, මාටින් වික්‍රමසිංහගේ පොත් ගන්නවා.

ඒ පොත් එකතුකරලා හොඳ පුස්තකාලයක් හදාගත්තා. කියවීම් ඔස්සේ මගේ කවීත්වය දියුණු කර ගත්තා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. පක්ෂයෙන් පළකරන ඇත්ත පත්තරයට කවි ලියන්න පටන් ගන්නවා. ඒ ඔස්සෙන් තමයි කවි ලියන්න පෙලඹෙන්නේ.

ඇතැමෙක් විනෝදාංශයක් ලෙසටත්, ඇතැමෙක් ආත්ම ප්‍රකාශයක් ලෙසටත් කවිය භාවිතාවේ යොදවන විට, ඔබ කවිය භාවිත කරන්නේ කුමන කාරණාවකටද?

මහනුවර ප්‍රදේශයේ මගේ කවිය රසවිඳින, අගය කරන ,ඒවා ගැන කතා බහට ලක් කරන රසික පිරිසක් ඉන්නවා. එක් වරක් මගේ කවි කිහිපයක් ඇතුළත් කරලා කවි පත්‍රිකාවක් පළ කළා. මේ සම්බන්ධයෙන් කවි විචාර සැන්දෑවක් තිබ්බා. එයට මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු, සත්‍යපාල ගල්කැටිය, රත්නායක වනසිංහ වැන්නෝ සහභාගි වුණා. මෙයින් පසු කවි එකතුවක් පළ කිරීමේ අදහසක් මට තිබුණා. ඒත් එය විවිධ කාරණා නිසා ඉටු කර ගන්න නොහැකි වුණා.

වියට්නාමය, අමෙරිකානු හමුදාවෙන් නිදහස් කරගත්තු විමුක්ති හමුදාවේ නායක නාඩෝ බෙන්ග් කියලා තියෙනවා මෙහෙම ප්‍රකාශයක්. මේ ජයග්‍රහණය අපේ අවි ආයුධවල ශක්තිය විදහාපෑමක් නොවේ. එය අපේ ජනතාවගේ වින්දන ශක්තියේ මුවහත පිළිබිඹු කරන්නක් කියලා.

මේ වගේ කාරණා නිසා කවිය, සාහිත්‍ය, සමාජ අසාධාරණය, අයුක්තිය, යුද්ධය වගේ දේ පිටු දැකලා, සමාජ යහපත ඇති කරන්න කොතෙක් දුරට ඉවහල් වෙනවද කියලා අපට කියන්න පුළුවන්. කවියෙක් වීම තුළින් එවැනි කාරණාත් මගේ හිතේ තිබුණා.

ඔබේ 'ඉබාගාතයා වාර්තා කරයි' කාව්‍ය සංග්‍රහයේ බොහෝ කවි දේශපාලනිකයි. ඔබ ආමන්ත්‍රණය කරන්නේ පීඩිතයාටයි. මෙසේ වන්නේ ඔබ වාම දේශපාලනයේ ක්‍රියාධරයෙක් නිසාද?

ඔව්. එය වාම දේශපාලනයත් එක්ක ආ බලපෑම. බර්ට්‍රොල් බ්‍රෙස්ට් වැන්නන්ගේ කාව්‍ය හැදෑරීම තුළ සමාජයේ වෙසෙන පීඩිත පන්තිය, පීඩනයෙන් මුදා ගැනීමේ කාර්ය සඳහා කවියෙන් යම් දායකත්වයක් දීම.

ඇතැමුන් ඔබ හාස්‍යයේ කිවියා ලෙසටත් හඳුන්වනවා.

මගේ කවි රසික පිරිස් මා හඳුන්වන්නේ හාස්‍යයේ කිවියා විදිහටයි. ඒ හාස්‍ය, නොඑසේනම් ඒ හිනැස්සීම සිනාවේ කෙළවර ජීවිතාවබෝධයයි. යථාර්ථය විනිවිදුමයි.

කවියෙන් අරගල කරන්න හැකිද?

අරගලයක් කරන්න බෑ. අරගලයට දායක වෙනවා.

කාව්‍යකරණයේදී ඔබ පරමාදර්ශී කරගත් කාව්‍ය රචකයෙක් සිටිත්ද?

එහෙම එක් කවියෙක් ගැන කියන්න අපහසුයි. බර්ට්‍රොල් බෙස්ට්, පුෂ්කින්, රබීන්ද්‍රනාත් තාගෝර්, ඛලීල් ජිබ්රාන් ඇතුළු කවියන්ගේ කවි හදාරා තියෙනවා. ඒ ඔස්සේ යමින් මගේම ශෛලියක් ගොඩනගාගෙන තියෙනවා.

මෙරට පාඨකයා ගැන ඔබ සිටින්නේ තෘප්තිමත්වද‍?

මා පාඨකයා ගැන තෘප්තිමත් නෑ. එහෙත් මෙතැනදී පාඨකයාට දොස් කීම වැරැදියි.

කවි ඇතුළුව පොදුවේ සාහිත්‍ය විචාර කලාව දුර්වල තැනක තියෙන්නේ‍. ඒ නිසා පාඨකයාට හොඳ පොත් තෝරාගැනීමේ ගැටලුවක් තියෙනවා. මෙතැනදී අපේ රටේ පුස්තකාලවලට සුවිශේෂී කාර්යභාරයක් පැවැරෙනවා. ‍හොඳ පොත් තෝරාගැනීමට පාඨකයාට සහායදීම. ඒත්, අපේ රටේ පුස්තකාලවලින් ඒක කෙරෙන්නේ නෑ.

ඉතිහාසයේ කවරදාටත් වඩා වැඩියෙන් කවිය ගැන උනන්දු වන වටපිටාවක් අද නිර්මාණය වෙලා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස?

විශාල වශයෙන් කවි ලියනවා. වසරකට කවි පොත් බර තොගයක් එළිදක්වනවා. පත්තරවල, අන්තර්ජාලයේ මුහුණු පොතේ, බ්ලොග් අඩවිවල කවි තොග ගණන් ලියනවා. ඒ අතර හොඳ කවි නැතුවාම නොවේ. ෙබාෙහා් කවි ලියන‍්නේ හැදෑරීමකින් තොරවයි. සාහිත්‍ය කියන්නේ පූර්ණ කාලීන වැඩක්. අපේ කවියෝ ජීවන අරගල කරන ගමන් කවි ලියන්නේ. ඒ නිසා, කවියට දෙන්න වෙන්නේ පොඩි තැනක්. අනිත් කාරණය මම කලින් කිව්වා වගේ කවියටත් හොඳ විචාර කලාවක් නෑ.

සාහිත්‍ය උදෙසා වසරක් පාසා පැවැත්වෙන සම්මාන ‍උළෙල ගැන ඔබ උනන්දු වෙනවාද?

සම්මාන ගැන මගේ උනන්දුවක් නෑ‍.

ඒ ගැන මගේ එච්චර විශ්වාසයකුත් නෑ. සාහිත්‍ය කෘතියකට ලබන්න පුළුවන් හොඳ ම සම්මානය තමයි සමාජය යහපත් අතට හරවන්න දායක වීම. එය තමයි කවියෙක් ලබන ඉහළ ම සම්මානය කියලා මට හිතෙනවා. අනෙක් කාරණාව දුර්දාන්ත පාලකයන්ගෙන් ලබන සම්මානයක් කොතෙක් දුරට සමාජ වගකීමක් ඉටු කරන්න දායකවෙලා තියෙනවාද කියලා ප්‍රශ්නාර්ථයක් නැ‍ඟෙන්න පුළුවන්.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...