තායිවාන ජනපතිනියගේ ඇමෙරිකා සංචාරය චිනය කෝප කරවයි

තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් ගේ ඇමෙරිකා සංචාරය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. තායිවාන ජනාධිපතිනිය ගේ මෙම සංචාරයේ දී මධ්‍යම ඇමෙරිකාවට, ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ හරහා නැවත ඇය තායිවානයට පැමිණීමට නියමිතව ඇත.

දින නවයක සංචාරයක නිරත වෙන ඇය සිය මධ්‍යම ඇමෙරිකා මිත්‍ර රටවල් කිහිපයකම සංචාරය කිරීමට නියමිතය. මේ අතර ‘එක චීනයක්’ ප්‍රතිපත්තිය හා චීන තායිවාන අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස චීන පාලකයෝ වොෂින්ටනය වෙත දන්වා ඇති බව වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔස්සේ මධ්‍යම ඇමෙරිකාව වෙත ගමන් කිරිමේදීත් නැවත ඇමෙරිකාව ඔස්සේ තායිවානයට පැමිණීමේදීත් තායිවාන ජනාධිපතිනිය ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ඔහුගේ නියෝජිතයකු මුණ ගැසෙනු ඇද්ද යන්න පිළිබඳ චීනය දැඩි විමසිල්ලෙන් පසු වේ.

ඒ ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්, චීනය අතැර තායිවානය සමඟ නිල සබඳතා ඇති කර ගැනීමට සූදානමින් සිටින බවට පළ වන ඉඟි හේතුවෙනි. ඩොනල්ඞ් ට්‍රම්ප් නිරන්තරයෙන් චීනයට චෝදනා කරන්නේ ඇමෙරිකානුවන්ට සහ ඇමෙරිකානු සමාගම්වලට රැකියා අවස්ථා අහිමි කළේ චීනය බව පවසමිනි. 

බී.බි.සි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...