යුරෝපයේ 23ක් අධික සීතලට බිලි | දිනමිණ

යුරෝපයේ 23ක් අධික සීතලට බිලි

අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් යුරෝපයේ පුද්ගලයින් 23 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මරණ වාර්තා වන්නේ පසුගිය දින දෙක ඇතුළතය.

මෙම මරණ පෝලන්තය, ඉතාලිය, රුසියාව, තුර්කිය යන යුරෝපීය රටවල් වලින් වාර්තා වන බව සඳහන් වේ. ඉතාලියේ මගී යාත්‍රා සහ ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ඊයේ දිනය වන විට පාසැල් ද වසා දැමීමට තීරණය කර තිබුණි. පෝලන්තයෙන් පමණක් මරණ 10 ක් වාර්තා වන අතර රුසියාවේ රාත්‍රී උෂ්නත්වය සෙන්ටිග්‍රේට් අංශක සෘණ 30ටත් වඩා අඩු බව සඳහන් ය.

ඇෆ්ගන් සංක්‍රමණිකයකු මිය ගිය ග්‍රීසියේ උතුරු පෙදෙසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක සෘණ 15 දක්වා පහත වැටී තිබුණි. ඇතෑන්ස් හි උෂ්ණත්වය ද සෙන්ටිග්‍රේට් අංශක 0 දක්වා ඉහළ නැගීමට අපොහොසත් වී ඇති අතර දිවයින් කිහිපයක් ම හිමෙන් වැසී ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර දහස් ගණනක් සංක්‍රමණිකයින්ට නිවහන වූ සමහර ග්‍රීක ප්‍රදේශ වල සිටිය පිරිස් තාවකාලික නිවාස සහ උණුසුම් ඛලය ඇති කූඩාරම් වෙත යොමු කර තිබේ. එළියේ ජීවත් වූ පස් දෙනකු සීතල නිසා මිය යාමෙන් පසු ඉතාලියේ නිවාස අහිමි වූවන් සඳහා වන නේවාසිකාගාර පැය විසි හතර පුරාම විවෘත කර තැබීමට කටයුතු කර තිබේ. 

බී. බී. සී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...