හලාවත කටුගොයින්ට සාධාරණ මිලක් නෑලු | දිනමිණ

හලාවත කටුගොයින්ට සාධාරණ මිලක් නෑලු

හලාවත ප්‍රදේශයන් මුහුදු යන ධීවර කාර්මිකයින්ට බහුල වශයෙන් මේ දිනවල කරට්ටා නොහොත් කටුගොයි මසුන් අල්ලා ගැනිමට හැකි වි ඇත.

එහෙත් මෙම මාළුන් සදහා සාධාරණ මිළක් ලබා ගත නොහැකි වුවත් තම වෙහෙසේ හැ‍ටියට නිසි ආදායමක් නොලැබෙන බවයි එම ධීවරයින් පෙන්වා දෙන්නේ.

මේ දිනවල කටුගොයි පිකලෝවක් රැපියල් 100 කට අඩුවෙන් මිල දි ගත හැකි වි ඇති බව හලාවත ප්‍රදේශයේ පාරිභෝගිකයින් පෙන්වා දෙති.

තමන්ට කිලෝවකට රැපියල් 50 ක් හෝ 60ක් වත් ලබා ගැනිම දුෂ්කර වි ඇති බව ද ධීවරයින් පෙන්වා දෙති.

(මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු)

නව අදහස දක්වන්න