දික්වැල්ල පොලිස් මුරපොළ පිහිටුවීම නිමිත්තෙන් සෞඛ්‍ය වැඩසටහනක් | දිනමිණ

දික්වැල්ල පොලිස් මුරපොළ පිහිටුවීම නිමිත්තෙන් සෞඛ්‍ය වැඩසටහනක්

ජී.සිරිසේන දික්වැල්ල විශේෂ
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී චන්ද්‍රිකා එදිරිසූරිය මහත්මිය ප්‍රජා සෞඛ්‍ය උපදේශනය සිදු කළ අයුරු

දික්වැල්ල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය සංවිධානය කළ දේශීය වෛද්‍ය සායනයක් ඉකුත්දා රදම්පොළ රන්නාවල තපෝධනාරාමයේ දී පැවැත්විය. රදම්පොළ උප නගරය කේන්ද්‍ර කර ගනිමින් නව පොලිස් මුර පොළක් පිහිටු වීමට සමගාමීව සිදු කළ ප්‍රජා සත්කාරක වැඩසටහන් යටතේ එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. එම්. පදුමදාස හා ප්‍රජා පොලිස් අංශයේ සම්බන්ධීකාරක පො.සැ. සාන්ත ගමගේ මහත්වරුන්ගේ උපදෙස් මත රන්නාවල ප්‍රජා පොලිස් ඒකකය මගින් ප්‍රජා සත්කාරයක වැඩ සටහන සංවිධානය කර තිබුණි.

දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය එස්.පී. එදිරිසිංහ මහතා සහ මල්ලිකා රත්නායක මහත්මීන් රෝගීන් පරීක්ෂාව සිදු කළේය. ප්‍රාදේශීය සභාව මගින් ඖෂධ නොමිලේ ලබා දෙනු ලැබීය. දික්වැල්ල කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී, වෛද්‍ය චන්ද්‍රිකා එදිරිසූරිය මහත්මිය විශේෂ වෛද්‍ය උපදේශන දේශනයක් සිදු කළාය. තපෝධනාරාමාධිපති අධිකරණ සංඝනායක කුඩාහීල්ලේ පඤ්ඤාසේකර හිමියන් හා ප්‍රජා සංවර්ධන නිලධාරි එම්.ආර්.එස්.සංජීවනී, කාන්තා උප පොලිස් පරීක්ෂක දිල්හානි, ප්‍රජා පොලිස් ඒකකයේ පො.කො. කිංස්ලි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න