ගලේවෙල වැව් 4ක ආක්‍රමණශීලී ශාක ඉවතට

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පුවක්පිටිය ගමේ වැව, යටිගල්පොත්ත ගමේ වැව, වලස් වැව බන්නහක්ගම ගමේ වැව, වලස්වැව පරණගම වැව ආදී වැව්‍වල ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ජපන් ජබර, සැල්වීනියා සහ යෝධ නිදිකුම්බා ආදී ආක්‍රමණශීලී ශාක ඉවත් කර විනශ කිරීමේ මෙහෙයුමක් ගොවීන්ගේද සහභාගීත්වයෙන් ප්‍රාදේශීය ලේකම් එම්. යු. නිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් මේ දිනවල ආරම්භ කර ඇත.

මේ අතර වැව්වලින් මේ ආක්‍රමණශීලී පැළෑටි ඉවත්කිරීම පිළිබඳව තාක්ෂණ අත්දැකීම් ඇති නිලධාරීන් තමන් යටතේ සේවය කරන බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට පෙන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට හැකිවූ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි. මීට පෙර ගලේවෙල වාසලකෝට්ටේ වැවේ තිබු ජපන් ජබර සුළු පිරිවැයක් දරා ඉවත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබිණි.

ගලේවෙල මධ්‍යම සමූහ
පී. ජී. ගුණතිලක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...