සීගිරියේ ජල ගැටලුව උග්‍රයි | දිනමිණ

සීගිරියේ ජල ගැටලුව උග්‍රයි

ගොවීහු වී ගොවිතැන් අතහැරලා

සීගිරිය කෘෂි උපදේශක කොට්ඨාසය තුළ ගොවීහු මෙවර මහා කන්නයේ වී ගොවිතැන් කටයුතු අත්හැර දමා තිබේ.

මේ දක්වාම නිසි කලට වර්ෂාව නොලැබීමත් සීගිරිය බල ප්‍රදේශයේ වැව් රැසක් සිඳී ගොස් තිබීමත් තවත් වැව් කීපයක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජලය හිස්කර තිබීම සහ මහවැලි ජලය මුදාහරින කාල වකවානු ප්‍රකාශ කර නොතිබීමත් නිසා මේ තත්ත්වය උද්ගතව තිබේ.

මේ පසුබිම තුළ සීගිරිය බල ප්‍රදේශයේ අක්කර 4000ක පමණ කුඹුරු ඉඩම් පුරන්ව යෑමේ තර්ජනයකට නතුව ඇත. ජල පහසුකම් සමාන්‍ය තත්ත්වයෙන් පවතින ප්‍රදේශ කීපයක පමණක් අක්කර 500ක පමණ කුඹුරු වපුරා ඇති බව සීගිරිය කෘෂි උපදේශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය යල කන්නයේදී ද කුඹුරු ඉඩම් පුරන්ව තිබීම නිසා මේ වන විට වී තොග තබා ගැනීමට නොහැකිව ඇති ගැමි ජනතාවට විවෘත වෙළෙඳපොළෙන් සහල් මිලදී ගැනීමට සිදුව තිබෙන බව ද මේ වන විට මෙහි තම්බාපු සහල් කිලෝවක මිල රුපියල් 95 දක්වා ඉහළ ගොස් ඇති බව ද අනාවරණය වේ.

සීගිරිය සමූහ

නව අදහස දක්වන්න