දොළොස්බාගේ සෙන්ට් ඩ්රූම් වත්තට පා ගමනත් දුෂ්කරයි

නුවරඑළිය සමූහ සී. මහගම

වැසි කාලයට වාරි මාර්ගයක්

දොළොස්බාගේ සිට සෙන්ට් ඩ්රූම් වත්ත දක්වා තිබෙන මාර්ගය මේ වනවිට පයන්වත් යා නොහැකි තරමට අබලන්වීම නිසා තමන් දැඩි අපහසුතාවන් රැසකට මුහුණ දී ඇතැයි ඒ මාර්ගය භාවිතා කරන පිරිස් පවසති.

තැනින් තැන ගල් ගැලවී ගොස් ඇත. ඒවා පිළිසරකර නොකිරීම නිසා මේ වනිට පාරේ සෑම තැනකම පාහේ ගල් ගැගවී විශාල වළවල් සැඳී ඇත. මේ නිසා කිසිඳු වාහනයකට මේ පාර හරහා යාමට නොහැක.

අත්‍යවශ්‍ය දෙයකට කුලී ත්‍රිවිල් රියක් කතා කර ගත් විට මේ කිලෝ මීටර් 5ක දුර ප්‍රමාණය යමට රුපියල් 1200ක් පමණ අය කරන බව ද ප්‍රදේශවාසීහු පවසති.

එම්. ප්‍රසාද් මහතා - කෙතරම් කිව්වත් මේ වත්තට යන පාර හදා දෙන්න කෙනෙක් නෑ. පාර හරහා පොඩි ඇළක් තියෙනවා. වැසි කාලේට එතනින් යන්න බෑ. ඉස්කෝලේ යන ළමයි සපත්තු ගැලවෙලා තියෙන ගල් කකුල්වල ඇනෙනවා. මේ විදියට පවුල් 75ක අය අවුරුදු ගණනක් තිස්සේ දුක් විඳිනවා. දරුවෝ ලැබෙන්න හිටපු අම්මල දෙන්නෙකුට අමාරුවෙලා ඉස්පිරිතාලේ යනකොට මේ මහ පාරෙදි දරුවෝ ලැබුණා. ඒ තරම් දුෂ්කරයි අපේ ජීවිත. ඡන්ද කාලෙට පාර හදන්න පොරොන්දු දෙන අය ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ.

ජී. දොරෙයිෂාමි මහතා - පාරේ පයින්වත් යන්න බැරිකම නිසා දැන් වත්තතේ දරුවන් පාසල් යන්නනේ නෑ. අපේ වත්තේ ඉන්න පරණ අයට විතරයි වත්තේ රස්සාව තියෙන්නේ. තරුණ අයට වත්තේ රස්සාව නෑ. එයලට පිට පළාතකට රස්සාවල් කරන්න යන්න අමාරුයි. කිලෝ මීටර් 5-6ක් උදේ හවස පයින් යන්න වෙලා. ඒ හින්දා රස්සා ප්‍රශ්නේ උග්‍ර වෙලා. ඒ වගේම තමයි ළමයි ඉස්කෝලේ යන්නේ නෑ. කොහොමද ඔය පයින්වත් යන්න බැරි පාරේ ඉස්කෝලේ යන්න කියලා ළමයිට කියන්නේ. 2008 අවරුද්දෙන් පස්සේ උස්ස පෙළ ඉගෙන ගන්න එක දරුවෙක්වත් අපේ පළාතේ නෑ. පාර හින්දම ඒ දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. ඡායාරූප-නුවරඑළිය සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...