පුංචි ඡන්දය ඉක්මනින් පැවැත්වීම මැතිවරණ කොමිසමේ බලාපොරොත්තුවයි | දිනමිණ

පුංචි ඡන්දය ඉක්මනින් පැවැත්වීම මැතිවරණ කොමිසමේ බලාපොරොත්තුවයි

සිතාරා සේනානි

ඡන්දය ප්‍රමාද වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම සර්ව ජන ඡන්ද බලයට ද හානියක් බැවින් මැතිවරණ කොමිෂන් සභාවේ බලාපොරොත්තුව වන්නේ ඉතා ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරනු ඇතැයි යන්න බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම දේශපාලන පක්ෂ සියල්ලේම අවශ්‍යතාව බව ද ඒ මහතා සඳහන් කරයි.

පරමාධිපත්‍ය බලය හිමි ජනතාව එය ක්‍රියාත්මක කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ඇති බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුව විසින් විෂය භාර ඇමැතිවරයාට පවරා ඇති බවත් පවසන සභාපතිවරයා, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් කර ඇතත් මැතිවරණ පැවැත්වීමේ බලය එය වෙත පවරා නොමැති බවත් පෙන්වා දෙයි. එවැනි බලයක් ලෝකයේ කිසිදු රටක මැතිවරණ කොමිෂන් සභාවක් වෙත පවරා නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ (9) හමුවී පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස කර ඇති ඉල්ලීමක් සමබන්ධයෙන් මාධ්‍යවේදීන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නව අදහස දක්වන්න