ඉරානයේ හිටපු ජනපති මියයයි | දිනමිණ

ඉරානයේ හිටපු ජනපති මියයයි

ඉරානයේ හිටපු ජනාධිපති අක්බර් හෂෙමි රෆ්සන්ජානි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් ඉරානයේ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

1980 වසරේ සිට ඉරාන දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ හිටපු ජනාධිපතිවරයා මිය යන විට 82 වන වියේ පසුවිය.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, 1989 වසරේ සිට 1997 දක්වා කාලය තුළ ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු හෘද රෝගී තත්ත්වයකින් පෙළුණු බව ය.

1979 වසරේ එරට විප්ලවයේ ප්‍රබල චරිතයක් වූ හෂෙමි පසුව මධ්‍යස්ථ මතධාරියෙකු බවට පත් විය.

ඉරානයේ උත්තරීතර නායක ලෙස සැලකෙන අයතුල්ලා කමේනි සහ අක්බර් හෂෙමි වෙනස් මත දැරූවන් වූවද අරගලය තුළදී ඔවුහු එක්ව කටයුතු කළහ.

 

 

නව අදහස දක්වන්න