හම්බන්තොට චීනයට විකුණන්නේ නෑ | දිනමිණ

හම්බන්තොට චීනයට විකුණන්නේ නෑ

රක්ෂණ ශ්‍රියන්ත

ඇමැති රාජිත මිරිජ්ජවිල දී කියයි

හම්බන්තොට කිසිදු අයුරකින් චීනයට විකිණීමක් සිදු නොවන අතර හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ආයෝජන අවස්ථාව පුළුල් කිරීම වෙනුවෙන් බදු ක්‍රමය යටතේ චීන රජය සමඟ එක්වී කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ යෝධ සංවර්ධන පියවරින් හම්බන්තොට පමණක් නොව මුලු රටම ආර්ථික අර්බුදයෙන් ගොඩ ගෙන රැකියා ප්‍රශ්නයට විසදුම් ලබා දෙමින් සංවර්ධනය කරා යාහැකි බවත් මේ සදහා එරෙහි නොවී එයට එක්වන ලෙසද අමාත්‍ය වරයා අවධාරණය කරයි.

'තිරසර යුගයක තෙවසරක ඇරඹුම' සමරමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් රැකියා ආදායම් මාර්ග ලක්ෂ ගණනින් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව දියත් කෙරෙන ජාතික ආර්ථික වැඩපිළිවෙල යටතේ 'රුහුණු ආර්ථික සංවර්ධන ප්‍රදේශය' ශ්‍රී ලංකාව සහ චීන සමුහ ආණ්ඩුව එක්ව නිර්මාණය කරන'ශ්‍රී ලංකා චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය' හම්බන්තොට මිරිජ්ජවිලදී පෙරේදා (07) සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්...

අද මේ මාගම්පුරයට ‍ෛඑතිහාසික දිනයක්. ඒක මාගම්පුරයට පමණක් නොවෙයි හෙට දවසේ මේ ක සනිටුහන් වෙන්නේ මුළු මහත් ජාතියටම මුළු මහත් ශ්‍රී ලංකාවටම ‍ෛඑතිහාසික දිනයක් විදියට. මේ කටයුත්ත එදා හම්බන්තොට මේ විදියටම හදලා විවෘත කරන දවසේ මුල්ගල තියපු දවසේ මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක මම ආව හම්බන්තොට මේ වගේම මත්තලට මුල්ගල තියන වෙලාවේ එදා හිටපු ඇමැතිවරුත් මමත් මේ වගේම හම්බන්තොටට පැමිණුනා. අපිට එදා විශාල බලාපොරොත්තුවක් තිබුණා.

හම්බන්තොට වරායයි මත්තලයි නිසා මුලු රුහුණම සංවර්ධනයම වෙනවා කියන එක. එදා කැබිනට් මණ්ඩලයට ගෙනාපු වෙලාවේ එදා හම්බන්තොටට ආපු වෙලාවේ මේ හම්බන්තොට වරායා හදන කොට මම එදා හිටපු ජනාධිපති තුමාට කිව්වා ජනාධිපති තුමනි මේ වරාය හදනවානම් මේකේ ව්‍යාපාරය තියෙන්නේ නැව් වලට තෙල් ගැසීම තුළ. ඒ නිසා මේකත් එක්කම තෙල් ටැංකි සංකීර්ණය හදන්න. මොකද අපි දන්නවා මේ හම්බන්තොට වරායේ ඉදලා නාවික සැතපුම් ‍දොළහකට එහා ජාත්‍යන්තර මුහුදු තීරය. එදා සේද මාවතේ තීරය, ඒ මුහුදු තීරයේ දවසකට නැව් හත්සිය ගණනක් එහාටයි මෙහාටයි ගමන් කරනවා.

මේකෙන් නැව් සියයට දහයත් හැත්තෑවක තෙල් ගැහුවොත් අපිට ඩොලර් බිලියනයක විතර ධනය උපයා ගතහැකියි අවුරුද්දකට. ඒ නිසා මේකේ තෙල් ටැංකි සංකීර්ණය හදන්න.

මම අදත් කියනවා හම්බන්තොටට වරායක් ඕන. ඒ ගැන කතා දෙකක් නැහැ. හම්බන්තොට වරාය හැදීම නිවැරදියි. වැරැද්ද වුනේ හම්බන්තොට නියම කටයුත්තට යොදා නොගැනීම. හම්බන්තොට වරායට ඉස්සෙල්ලාම සක්‍යතා වාර්තාව කලේ 2002 මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුල එක්සත් ජාතික පක්ෂ රජයකින්. කැනඩා රජය මගින තමයි එදා සක්‍යතා වාර්තාව කළේ. එදා කියන වාර්තාවෙත් ‍තිබුනා මේ තෙල් ටැංකි සංකීර්ණය හදන්න කියලා. කෝ මොනවද කළේ ලොකුවට බෝඩ් එක ගහගත්තා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය කියලා. තවත් පොඩි වරායක් හදනවා තරම් ලොකු රංගනයක් දාලා මේක විවෘත කළා. වරාය තියෙනවා දැන් නැව් නැහැ.

ඒක නිසා කොළඹ එන නැව් වලට කියනවා උඹලට ලංකාවට එන්න ඕන නම් මෙතනත් කාර් ටිකක් බස්සපන් කියලා. අද අපි ගුවනින් ඇවිල්ල බැලුවා වරාය ඒ වරායේ මොකුත් නැහැ, ඒ වරායේ සයිස් එකේ හැටියට මුකුත් නැහැ. එතකොට චීනයෙන් ගත්තු ණය වලට සල්ලි ගෙවනවා. ආදායමක් නැහැ. මත්තල හැදුවා මත්තල හදන එක හරි එදා සක්‍යතා වාර්තාව මත්තලට කරේ කවුරුවත් නෙමෙයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවෙන්. එදා මත්තල තමයි තෝරාගත්තේ ස්ථාන තුනකින් ගුවන්තොටුපළ හදන්න. විරවිලට හදන්න වීරවිල ගොවියෝ චමල් රාජපක්ෂ මහත්තයා එක්ක විරුද්ධයි කියලා ඕක මත්තලට ගෙනාවා මම දන්නෑ කොච්චර සාර්ථකයිද කියලා තැන. නමුත් මත්තල හැදුවා මත්තල වැඩ කරන්නට අවශ්‍ය දේවල් හැදුවේ නැහැ.

එදා මම පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා මත්තලයි හම්බන්තොටයි හදනවානම් මේ මොනරාගල හම්බන්තොටයි අල්ලලා අක්කර දහදහකවත් නිදහස් වෙළෙද කලාපයක් තිබෙන්නට ඕන. එදා පත්තර පිටු අරගෙන බලන්න. එදා ම‍ගේ කතා පත්තරවල දැම්මා ටීවී එකේ පෙන්නුවා. පළාත් සභා මැතිවරණ දෙකක්. දෙවන පළාත් සභා මැතිවරණය දන්නවා විජිත් විජයමුණි සොයිසා මහතා තියාගෙන මොණරාගල මිනිස්සුන්ට මෙතුමාගේ පුතා වේදිකාවේ තියාගෙන එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම හැමතැනම ගිහින් කිව්වේ මොනවාද අපි මත්තල හදනවා.

මේ මත්තල හැදුවාම මිනිසුන්නට මෙතන එනවා අක්කර දහදහක නිදහස් වෙළෙඳ කලාපයක් ඒ අක්කර දහදහසේ නිදහස් වෙළෙඳ කලාපේ තමයි සියලු කර්මාන්ත ශාලා බිහි වෙන්නේ. එතකොට තමයි හම්බන්තොටයි මොනරාගලයි සශ්‍රික වෙන්නේ මේ අනුව ලංකාවේ සංශ්‍රිකම ප්‍රදේශය වෙන්නේ හම්බන්තොටයි මොනරාගලයි මේ මාගම්පුරය. මහින්ද රාජපක්ෂ මහත්තය මට කිව්වේ නැහැ ඒක වැරදියි කියලා. ඒක හොඳට ටී.වී එකේ පෙන්නුව පොල්ගෙඩි අකුරෙන් පත්තරේ දැම්මා තව ඡන්ද ගන්න, මහින්ද රාජපක්ෂ හෙට දවසේගොඩ නගර ලංකාව මොකක්ද කියලා මේ රටේ මිනිස්සුන්ට.

අපි එදාකිව්වා මේක හදන්න. මේක හදන්න තිබුනේ එදා අද නොවෙයි. වරායට තෙල් ටැංකි සංකීර්ණය ගේන්න තිබුනේ වරාය හදලා ඉවර වෙන කොට ගේන් තිබුනේ. ඒවා කලේ නැහැ. අතන ගිහින් ගැහුව්වා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඒකටත් ලොකූ සංදර්ශනයක් පැවැත්වුවා. දැන් මොකක්ද වුනේ මත්තල හැදුවා ඒකේ බහින්න ගුවන් යානා නැහැ. එකේ බහින්නේ කොක්කු විතරයි. හම්බන්තොට වරායක් හැදුවා වරායට නැව් නැහැ. වරායවල් ගුවන්තොටුපලවල් හදනවා බිස්නස් නැහැ.

ගත්තු වියදම කීයද මේක හදන්නට විතරක් මේ කේ ණය විතරක් බිලියන එකසිය අනු හතක් රුපියල්වලින්. ඩොලර්වලින් බිලියන 1.381යි නමුත් ඒ සමාගම මේ හම්බන්තොට වරාය හදපු චයිනා හාබර් සමාගම අද මේ සැරේ ඒකේ වටිනාකම ඉදිරිපත් ‍කරා මේ සැරේ ටෙන්ඩරෙන්. එගොල්ලෝ ඉදිරිපත් කළෙ ඩොලර් බිලියන 1.1යි. එතකොට එදා හැදුවේ 1.381යි. අද මේ ගොල්ලෝ කියනවා මේකේ වටිනාකම 1.1යි ඊට අවුරුදු ගණනාවකට පස්සේ. වෙනස කීයද ඩොලර් මිලියන 350ක විතර වෙනසක් මේකෙ තියෙනවා. රුපියල් වලින් රුපියල් මිලියන පනස්දහසයි.කෝටි පන්දහසයි. මම අහනවා රාජපක්ෂලාගේ කොයි එකාගේ සාක්කුවලටද ඒ කෝටි පන්දහස ගියේ කියලා.

ඒක හින්ද ඔය පෙළපාලි යන්න එන අයටට මම කියනවා පලයල්ල රාජපක්ෂලාගේ ගෙවල් වලට පෙළපාලිය ගිහිල්ලා අහපන් කවුද පන්දහ ගැහුවේ. තාත්තද, පුත්තුද බාප්පලාද කියලා අහපල්ලා. මම ඒගොල්ලන්ට කියනවා මොකක්ද සංඝ ආඥාවක් දානවලු මම හිතුවා ‍මේ සංඝ ආඥාවක් දානවා කිව්වාම ලොකු හාමුදුරුවරු ප්‍රකාශයක් කරා කියයි කියලා. මම බැලුවා කවුද මේ සංඝ ආඥාව දාන්නේ, අග්‍රමහා පණ්ඩිත පිංගුත්තර නිකායේ දක්ෂිණ ලංකා සංඝනායක අලහප්පෙරුමගේ ඩලස් ස්වාමින් වහන්සේ. මම බැලුවා මු කවදද සාසනයට අැතුලු වුනේ. අඩු ගානේ උස කෙනෙක් ගියානම් පොඩ්ඩක් හොයනවා මේකා සංඝ ආඥාව දාන්න ආවේ. යකෝ ලංකා ඉතිහාසයේ කොහෙද ගිහියෝ සංඝ ආඥා දාන්නේ මේක මහින්ද රාජපක්ෂගේ ආගමක්නේ. දාන්න ගිහිල්ලා සංඝ ආඥාව හොරකම් කරපු අයට.

දැන් අද මොකද හම්බන්තොටට වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය මේක ගොඩගන්නේ මොකෙන්ද. අද අපි ගෙවනව ණයයි පොළියයි මිලියන නමදහස් පන්සීයක් අවුරුද්දකට අපේ ආදායම කීයද මිලියන දෙසීයයි. එතකොට මිලියන නමදහස් තුන්සීයක් රාජපක්ෂලාගේ ඉඩම් විකුණලා ගන්නවාද නෑ තමුන්නාස්සේලාගේ බදු. එතකොට මුදල් ඇමැති මොකද කරන්නේ ඇරියා තියලා වැට් එකට වෙන මොනවා කරන්නද. වැට් ගහන්නේ නමින් රනිල් ඇත්ත වැට් එක ගහන්නේ රාජපක්ෂලා . ලංකාවම වැට් ගෙවන්නේ රාජපක්ෂ වැට් එක ඕකට දාන්න ඕන. එතකොට මත්තලට 2022වෙනකොට මේකට ගෙවන්න ඕන ණය සහ පොළිය මිලියන පහළොස් දහස් හාරසීයක්. එතකොට අපි කියමු දෙකටම මිලියන පන්සීයක් කියලා එතකොට ඒත් මිලියන පහළොස් දහසක් අතින් ගෙවන්න ඕනනේ.

නාමල් බබාට අංක ගණිතය තේරෙන්නේ නැහැ. විභාගයක් හරියට පාස් වුනානම් අද අදේ එන්නේ නැහැ. ඔයකොල්ලො ටිකයි කෙල්ලො ටිකයි අරගෙන ගමේ ඉන්න අහිංසක මිනිස්සු ටික උස්සගෙන එන්නේ මොකටද උන්ට බොරු කියලා මේවා ඔක්කොම ගෙවන්න ඕන. හරිනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ ආණ්ඩුව ගේන්න ඕන නීතියක් මේ අයගේ ඉඩකඩම් විකුණලා මේ සල්ලි ටික ගන්න ඕන කියලා. ඇත්ත කතාව ඒකයි.

මත්තලට වියදම් වෙලා තියෙනවා මිලියන විසිහය දාහසයි. ආදායම බින්දුවයි. පහුගිය කාලේ වී ගබඩා ටිකෙන් රුපියල් දහ දහක් පහළොස් දාහක් හම්බුවෙන්න ඇති. ඒ ඇරෙන්න බල්ලෙක්වත් නැහැ. දැන් අපි කටුනායක අලුතෙන් රනවේ එක හදනවා. ඒකට පැය අටක් වහනවා කටුනායක ගුවන්තොටුපළ. අපිට පාඩුව ඩොලර් මිලියන තුන්සිය පනහයි මාසෙකට. අපි කිව්වා අපේ රජය ඔය ගුවන් යානා ගේන්න අපේ ටොප් බඩුවක් තියෙනවා මත්තල. මත්තලට ගෙනල්ලා බාන්න. ජාත්‍යන්තර ගුවන් සමාගම් ඔක්කොම එකට කිව්වා අනේ බෑ.

අපි නෑවිත් ඉන්නම් මත්තලට එන්නේ නැහැ. ඔන්න තත්වය. මෙන්න හදපු ජාත්‍යන්තර මහින්ද රාජපක්ෂගේ ගුවන්තොටුපළට තියෙන තැන. එතකොට දැන් මේවා කවුද ගෙවන්නේ මත්තලට විසිහයදාහයි, මෙතනට නමදාහයි, දැන් මේවා මිලියන එක්ලක්ෂ අනු හත්දාහයි මේකට. අරකට විසිහයදාහයි. ඕව ගෙවන්නේ තමුන්නාන්සෙලාගෙන් බදු ගහලනේ සහෝදර වරුනි. තමුන්නාන්සෙලා අපි අවුරුද්දකට සැරයක් බදු ගෙවන්න ඕනනේ මේවා ගහනකොට, අපි කන කෑමට, අදින ඇඳුමට, අපි ගේන බෙහෙතට මේ සියල්ලටම අපිට බදු වෙන කොහෙන්ද මේවා කරන්නේ මෙන්න රට ඇතිකරළා තියෙන තත්වය.

මේවා හරියට දැක්ක නිසා තමයි එදා බෙල්ල දීලා ජීවිතය නැති වුනත් කමක් නෑ මෙහෙම ගියොත් මේ රට විනාස වෙනවා අපේ වලවල් වලටත් හෙන ගහන විත්තිය දැනගෙන තමයි අපි එදා නොවැම්බර් මාසේ 21වෙනිදා මේ ඇගමැතිත් එක්ක කතා කරලා අපි එලියට බැස්සේ. මේක දැන් නිවරදි කරන්න ඕන. මෙන්න මේ මහා ඛේදවාචකයෙන් රට ගලව ගන්නයි අගමැතිතුමා රුහුණු සංවර්ධනය ආරම්භ කළේ. අද ඉඩම් විකුණනවාලු එදා වික්ක ඉඩම් කොහොමද එදා උල් හිටියේ අක්කර 1500යි. අද අපේ ආණ්ඩුව එකක්වත් විකුණන්නේ නැහැ.

මේවා ඔක්කොම අනු නම අවුරුද්දේ බදු. එගොල්ලො විකුනපු ඒවා උල් හිටියේ අක්කර 1500යි. පැලවත්තේ අක්කර 1200යි. සෝමාවතියේ අක්කර 5000යි. මේ ඔක්කොම දුන්නේ ඇමරිකාවේ ඩෝරි සමාගමට. එතකොට එතන අක්කර 7700යි. ඊට පස්සේ ගෝල් ෆේස් එක ඉස්සරහා එදා චීනෙට දුන්නේ කෙලින්ම සින්නක්කර එතන අක්කර විස්සයි. හම්බන්තොටින් අක්කර පනහයි. ෂැග්‍රිලා එකට අක්කර විස්සයි. වරාය නගරයට අක්කර 800යි ඔක්කොම කීයද අක්කර අටදහස් තුන්සිය හැත්තෑවයි. එදා ෂැංග්‍රිලා හෝටලයට ගේනවා ආචාර්ය අමුනුගම මැතිතුමන්ට මතක ඇති ඒකට ගෙනාවා ඔය ඉඩම විකුණන්න. මම කිව්වා පැහැදිලිව ඕක විකුණන්න බැහැ ජනාධිපතිතුමනි එහෙම නීතියක් රටේ නැහැ. ඔය නීතිය ගෙනාවේ හිටපු අගමැති රනිල් විකුනන්න බැහැ. දෙන්න අනු නම අවුරුදු බද්දට .

අද කියනවා ආණ්ඩුව ඉඩම් විකුණනවාලු. මම කියනවා එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව 2002දී තමයි ලංකා ඉතිහාසයේ පළමු වරට රජයේ කිසිම ඉඩමක්, මේ රටේ කිසිම ඉඩමක් විදේශිකයෙකුට හෝ විදේශීය ආයෝජකයෙකුට විකුණන්න බැහැ කියන තීන්දුව ගෙනාවේ. රාජපක්ෂලාවත් බණ්ඩාරනායකලාවත් නෙමෙයි. මේ රටේ අපේ භූමිය ආරක්ෂා කළේ යුඑන්පියයි රනිලුයි මිසක් මහිනදයි චන්ද්‍රිකාලයි බණ්ඩාරනායකලයි නෙමෙයි කියා මම පැහැදිලිව කියනවා.

ලැජ්ජ නැතිව අව්වේ තැප තැප ගල්ටික අරගෙන මෙතනට එන අය දන්නවාද මේවා. මේ රුහුණු මාගම්පුර වරායට ගත්තා එදා අක්කර පන්දාහක්. එදා බැහැපිය එළියට කියනකොට අද සරම උස්සගෙන එන එවුන් ඔක්කොම නැට්ට පස්සේ පැත්තේ ගහගෙන ඇවිල්ලා ඔක්කොම තැන් වලින් එළියට බැස්සා නැත්නම් මොකද වෙන්නේ මහින්ද රාජපක්ෂ නෙමෙයි එන්නේ ගෝඨාභය රාජපක්ෂ අර රතු පස්වලට ආවා වගේ. ඒක නිසා අක්කර පන්දහසක් දුන්නා මේකට කවුද කෑගැහුවේ. කොයි සංඝ ආඥාවද ආවේ. කොයි හාමුදුරුවොද වැඩියේ අපි ෂෝක් එකට ඇවිල්ලා මෙතන මුල්ගල් තියලා අක්කර පන්දහ අරගෙන ආපහු කොළඹට ගියා. ඉතුරු කට්ටිය රෑට මෙහේ ඩ්‍රින්ක් එකකුත් ගහලා ගියේ.

එදා මේකේ අවතැන්වුනා පවුල් 1065ක් හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ පවුල් වල ඉඩම් ගත්තා කීදෙනෙකුට දුන්නද ගෙවල් හදන්න දහ දෙනෙකුට දුන්නා. එතකොට ඉතුරු 1055 කොහෙද ඔහේ බලාගෙන උන්නා. ඒගොල්ලො තමයි අපිට ඡන්දෙ දුන්නේ ජනවාරි අට වෙනිදා මුන්ව එළවලා දාන්න. සුරිය වැව කීයද අක්කර 47යි කවුද විරුද්ධ වුනේ මේ ඔක්කොම ගත්තු කට්ටිය අද කියනවා එහෙම නෙමෙයි මේ පළාතේ ලක්ෂ ගණනකට රක්ෂාවල් දෙන්න අක්කර දාහස් ගණනක් දෙන කොට ඒක මහ අපරාධයක් කියලා මේ අයියා කියනවා.

මේ තාත්තගේ පුතානේ තාත්තගේ පුතා තාත්තා වගේ නැත්නම් නොට්ටිගේ පුතානේ. එතකොට දැන් අද කීයද ගන්නේ අද ඉඩම් ගන්නේ නැහැ. බද්ධට විතරයි. හම්බන්තොටින් අක්කර 1200යි මාතරින් 2000යි, මොනරාගලින් 7000යි, මොනරාගලින් මදි තව ගන්න කියලා ඒ ඇමැතිලා දෙන්නම කියනවා. මේ ඔක්කොම ගන්නේ අනුනම අවුරුදු බද්දට සියයට අනුපහක් රජයේ ඉඩම්. සියයට පහයි අනිත් ඉඩම් . මේ ගැනිල්ලටද විරුද්ද. එතකොට දකුණු අධිවේගී මාර්ගය හදන කොට ගත්තේ නැද්ද පුද්ගලික ඉඩම්, ඔය හැම ව්‍යාපෘතියටම ගත්තේ නැද්ද පුද්ගලික ඉඩම්. පළමු එකද මේක.

අපේ හාමුදුරුවරුන්ගේ විරෝධතාවයක් තියෙනවා. එදා විරෝධතාවයට ගියාද මහනායක හාමුදුරුවො කිව්වා නුවර වැව වටේ දළදාව වටේ රේස් පදින්න එපැයි කියලා පුත්තු ටිකට නැවැත්තුවද නැහැ. දහඅට වෙනි සංශෝධනයට විරුද්ධව මහා සංඝරත්නය කිව්වා ඕක කරන්න එපා කියලා නැවැත්තුවද නැහැ. පෝට් සිටි එක හදන කොට කිව්වා නවත්වන්න ඉඩම් විකුණන්න කියලා නැවැත්තුවද නැහැ. එතකොට ක්‍රිස් නෝනිස්ට පහර දුන්න වෙලාවේ කිව්වා මහා සංඝ රත්නය ඔක්කොම එකතු වෙලා මේක විභාග කරන්න කියලා විභාග කරාද, හිටපු හමුදාපති සරත්පොන්සේකා අත්අඩංගුවට ගන්න කොට ලංකාවේ සිටින සියලුම මහා නායක හාමුදුරුවරු අත්සන් කරලා දුන්නා මේක නවත්වන්න කියලා නැවැත්තුවද.

මේ මහා ලොකු උපාසක මහත්තයට දැනුයු එකපාරට මතක් වෙලා තිබෙන්නේ මහා සංඝ රත්නයේ අවසරය ගන්න. මේ ගොල්ලො හිතනවා අද ඉන්න එවුන් මැරිලා ඉපදුනා කියලා ජනවාරි මාසේ නම වෙනිදා. රාජපක්ෂ මහත්වරුන්ට මම කියනවා ජනවාරි අට වෙනිදා අපිට ඡන්දය දුන්න මිනිස්සුන්ට හිතේ අමාරුවක් තියෙනවා තියෙන්නේ තමුන්නාස්සේලා හිරේට ගන්නේ නැති එකටයි එල්ලුම්ගස් යවන්නේ නැති එකටයි.කරපු මිනිමරු වැඩ වලටයි. පාදඩ වැඩවලටයි.

අද මේ විරෝධය මොකක්ද ඔක කවදද ලංකාවේ නැතිවුනේ එදා මහා මාන්‍ය ඩී.එස්.සේනානායක එදා ගල්ඔය ආරම්භ කරන කොට කිව්වා කැලෑ ජෝන් දකුණේ ඉදලා මිනිස්සු ගෙනිහිල්ලා මැලේරියා වසංගතය තියලා ගල්ඔයේ දාලා මිනිස්සු මරනවා කියලා. මේ කට්ටිය එහෙමයි. එදා මෙදාතුර මේ කාලකන්නි පරම්පරාව පැටව් ගහ ගහ එනවා. මෙහෙම කාලකන්නි පිරිසක් මේ රටේ පරම්පරාවේන් පරම්පරාවට ඉන්නවා. අලුත් පක්ෂත් දැන් හැදිලා තියෙනවානේ ඒ පක්ෂ වල එකමේ දේ කඩන්නයි බිදින්නයි විවේචනය කිරීමයි. ඒ එක පරම්පරාවක්. මහවැලිය හදන කොට ජේ.ආර් කිව්වා අවුරැදු තිහේ මහවැලිය අවුරුදු හයෙන් කරනවාකියලා. හිටපු ගාමිණි ඉලේ පෙරුම මහත්තයා කිව්වා කවදාවත් හදන්න බැහැ කියලා . ඒ කොලේත් අරගෙන අපේ කට්ටිය වැඩ පටන්ගත්තා. මහවැලිය අවුරුදු හයෙන් ඉවර කරලා වතුරත් දෙනවා. දැන් ඒ වතුරේ මුන් ගිහිල්ලා ජබුන් ගහනවා. ඒකට විරුද්ධ වුන එවුන් ගිහින් ඒකෙ වතුර බොනවා නානවා. එතකොට මහවැලිය හොඳයි.

එතකොට කණ්ඩලම ඒකේ ගිහිල්ල මමත් වාඩි වුනා. මමත් දක්කගෙන ගිහිල්ලා, ඔක්කොම ගිහිල්ලා හාමුදුරුවරු පාදර්ලා, සිස්ටර්ලා ඔක්කොමත් එක්ක ගිහිල්ලා කණ්ඩලමේ අර පස්ස පැත්ත වුනා ගල උඩ යන්තම් තට්ටම් දෙක එහාට මෙහාට මාරුකරගෙන පැය ගණන් හිටියා.මහා රස්නේ. පෙළපාළි ගියා පොලිසියත් එක්ක ගහගත්තා. මොකෝ කිව්වේ මේක වුනොත් පරිසරය ඉවර වෙනවා කිව්වා ඒක හදලා අවුරුද්දක් යන කොට හොඳම පරිසර සම්මානය කණ්ඩලමට ආවා. මමනම් ප්‍රතිපත්තියක් හැටියට කණ්ඩලමට ගියේ නැහැ.

නමුත් අපේ අපේ ඇමැතිවරු ගිහිල්ලා බිව්වා විතරක් නෙමෙයි මේස උඩ වමනෙත් දාලා ආවා. අර ගල් උඩ හිටපු එවුන් මේක තමයි විනෝදය කියන්නේ මුන් විරුද්ධ වෙනවා හැදුවට පස්සේ පරිභෝජනය කරනවා. ඒක තමයි විනෝදෙ කියන්නේ දැන් ටික දවසකින් ඔය විරුද්ධ වෙච්ච කට්ටිය රාජපක්ෂලාගේ ගෝල බාලයෝ ටික ඇවිල්ලා අපේ ඇමැතිවරුන්ගේ පිටිපස්සේ ඇවිල්ල ඕකේ රස්සාවල් ඉල්ලනවා. ඒක තමයි යථාර්ථිය කර්මාන්ත ශාලා හදනකොට.

පැලවත්ත හදනකොට ආවා පෙළපාළි ගියා. දැන් පැලවත්තේ ඔක්කොම කරනවා ඒකේ රස්සාවල් කරනවා. මේ කපිටිපස්සේ ආපු අය දහතුන් වෙනි සංශෝධනය ගේන කොට මොකක්ද විරෝධය පළාත් සභාවලට එක පළාත් සභාවකින් තවත් පළාත් සභාවකට යාමට වීසා අවශ්‍යයි කියලා ජේවීපිය පටන් ගත්තා මේකේ ඊළමක් හදනවා හදන එවුන්ව බෙල්ල කපනවා කන කපනවා මරණවා තට්ටේ භු ගානවා පළවෙනි ඡන්දෙ දුන්න කෙනා මරණවා,

ඊට පස්සේ මොකද වුනේ ජේවිපී එකත් මේකෙ වාඩි වුනා .විමල් වීරවංශ ඉස්සෙල්ලාම ආවේ පළාත්සභාවෙන් ඇවිල්ලා මු ලැජ්ජ නැතිව කියනවා මේ පළාත් සභාව හදපු එවුන්ව මරලා මු වාඩිවෙලා කියනවා අපි තමයි දැන් පළාත් සභාවේ රිමෝට් කොන්ට්‍රෝල් එක කියලා. නොදකින් මුගේ විලි ලැජ්ප් නැති කම මුද් එන්න ඇති මන් හිතන්නේ. අනිත් එකා උදය ගම්මන්පිල මේකා ඇවිල්ලා පළාත් සභාවේ මන්ත්‍රී වුනා විතරක් නෙමෙයි ඇමැතිත් වුනා. නෝනා පුද්ගලික ලේකමුත් වුනා. ඊට පස්සේ මොනවද මිනිහ කියන්නේ කම්කරු ප්‍රඥප්තියක් ගේනවා පළාත් සභාවේ බලය පවර ගන්න මට ආරංචියි ඔය ගමන්පිලය හම්බන්තොට පැත්තේ අද උදේ පාන්දර කරකැවුනා කියලා. තව ටික කාලයක් යන කොට මේක මිනිස්සුන්ට අමතක වෙලා කියලා මේකේ කතාවක් කරයි. ඒනිසා මතක තියාගන්න මේක‍තෛිහාසික වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය තුමාට කියන්නේ ඉතාමත් ඉක්මනින් මේක ආරම්භ කරන්න.

මේකෙන් මිලියන නමදහස් පන්සීයක් බේරා ගන්න පුළුවන්නනම් මේ සුදු අලියව සියයට අසුවක් හරි චීනෙට දීලා බේර ගන්න එක. නැත්නම් මේක බේර ගන්නේ කොහොමද නැත්නම් තමුන්නාන්සෙලාගෙන් බදු අය කරලා පරිප්පු ඇටේ බදු වැඩි කරලා හාල් සේරව, පාන්රාත්තල, කිරිපිටි වැඩිකරලා එම නිසා මේ මහා ඛේදවාචකයෙන් තමයි මේ ජාතිය අගමැති තුමා බේරගන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි මුලු රටම මේ ආර්ථික ඛේදවාදකයෙන් බේරාගන්නේ. මේක තමයි රට ගොඩනගන මුලික ව්‍යාපෘතියක් කියලා මම කියා සිටිනවා මේකට ආශිර්වාද කරන්න කියා මම කියා සිටිනවා යැයි වැඩිදුරටත් කියා සිටියේය.

 

ඡායාරූප- රුක්මල් ගමගේ 

නව අදහස දක්වන්න