දුමින්ද ගිලන් රියෙන් උසාවියට | දිනමිණ

දුමින්ද ගිලන් රියෙන් උසාවියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධියට මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගිලන් රියෙන් රැගෙන පැමිණියේය.

ඔහුව ගිලන් රථයෙන් අධිකරණය වෙත ගෙන ආවත් අධිකරණ ශාලාව වෙත ඉදිරිපත් කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටින බවයි බන්ධනාගාර නිලධාරීන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල බන්ධනාගාර රෝහලට නියෝග කළේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් වන නඩු තුනකට අදාළව ඔහුට චෝදනා එල්ල වී ඇත.

නව අදහස දක්වන්න