ට්‍රම්ප්ට එන්න පූටින්ගේ සහය - බුද්ධි අංශ

තේරීපත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි තොරතුරු වාර්තාවක් අනාවරණය කරයි.

එහිදී, මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බලපෑමක් කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා අණ ලබාදී ඇති බව ද එම වාර්තාවල සදහන් බව විදෙස් වාර්තා සදහන් කරයි. 

මේ සම්බන්ධයෙන් මොස්කව් පාලනය මෙතෙක් කිසිවක් පවසා නොතිබුණත්, ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් රුසියාවේ අතපෙවීම සම්බන්ධ චෝදනා ඔවුන් මුල සිටම ප්‍රතික්ෂේප කළේය.

පිටු 25කින් යුතු මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ ක්‍රෙම්ලීනය පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කැමැත්තෙන් සිට ඇති බවයි.

එහිදී, ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි පැවති ජනතා කැමැත්ත අවතක්සේරු කිරීම මෙන්ම, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පත්වීම වැළැක්වීම කෙරෙහි ක්‍රෙම්ලීනය හිතාමතා කටයුතු කර ඇති බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...