නව සේද මාවත දිගේ ලන්ඩනයට දුම්රියක්

මුහුදෙන් යනවාට වඩා අඩු කාලයක්

චීනය හා එංගලන්තයේ ලන්ඩනය අතර වෙළඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයක් අරඹන බව චීනය ප්‍රකාශ කරයි.

සැතපුම් 12000ක දුරක් යාම සඳහා සති දෙකක පමණ කාලයක් ගතවන නමුත් මේ සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට වඩා අඩු මුදලක් වැය වන අතර නැව්වලට වඩා වේගවත් බව පැවැසේ. මෙම දුම්රිය කසකස්තානය, රුසියාව, බෙලරුසියාව, පෝලන්තය, ජර්මනිය, බෙල්ජියම හා ප්‍රංශය හරහා ලන්ඩනයේ බාකිං දුම්රියපොළ වෙත ගමන් කරනු ලබන අතර 'නව සේද මාවතේ' මෙම දුම්රිය සේවයට එක්වන 15 වැනි යුරෝපා නගරය ලන්ඩනයයි. 

ෂිංහුවා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...