විශේෂ විධිවිධාන පනත උතුරෙන් විසිවෙයි

උතුරු පළාත් සභාවේ අනුමැතිය සඳහා යොමුකරන ලද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබේ.

එහිදී මෙම පනත් කෙටුම්පතට සහය පළ නොකරන බවට වූ යෝජනාවක් ඒමතිකව සම්මතවීම හේතුවෙන් ඡන්ද විමසීමක් නොතබාම පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කර ඇත.

අද පෙරවරුවේ රැස්වුණු උතුරු පළාත් සභාවට ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභාවේ අනුමැතිය ලබාගනු පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණි.

මේ අතර ඊයේ දිනයේ මෙම පනත් කෙටුම්පත ඌව පළාත් සභාවට යොමු කිරීමෙන් පසු වැඩි ඡන්ද 04කින් පරාජයට පත්කෙරිණි.

කෙසේ වෙතත් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතයි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...