ඖෂධ මිල අඩු කිරීමෙන් කෝටි 600ක ලාභ | දිනමිණ

ඖෂධ මිල අඩු කිරීමෙන් කෝටි 600ක ලාභ

සුභාෂීණී සේනානායක

අත්‍යාවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක ලාභයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉකුත් සමයේ ඖෂධ මිල වැඩිවීම හේතුවෙන් පාරිභෝගිකයන් ඖෂධ ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් මිලදී ගැනීම සිදු කර ඇති බවත් ඖෂධ මිල අඩු වූ වහාම ඔවුන් මිලදී ගන්නා ඖෂධ ප්‍රමාණය වැඩි කර ඇති බවත් එය මෙම ලාභය ලැබීමට ඉවහල් වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අත්‍යාවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙන් මීට වඩා වැඩි මුදල් ඉතිරි කර ගැනීමට හැකි වන බව පවසන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා 2019 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව කියා සිටී.

ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන කර්මාන ශාලා කිහිපයක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බව ද ඇමැතිවරයා පවසයි.

2018 වසර වන විට කර්මාන්ත ශාලා 10ක් මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත්ඖෂධ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට ද අපනයනය කර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඖෂධ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. 

අදහස් 1ක් ඇත

Ausada sasthaawath pradhaana saakawalath Hera billpathak nikuth nokireema Nisa wedimilata hema pharmasiyema beheth wolunanawa. Methathwaya walakwanna ona.

නව අදහස දක්වන්න