මහා පරිමාණ ව්‍යාපෘති දෙකකට හෙට මුල්ගල් | දිනමිණ

මහා පරිමාණ ව්‍යාපෘති දෙකකට හෙට මුල්ගල්

ශිරෝමි අබයසිංහ

 

ජාතික රජය විසින් ආරම්භ කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සඳහා හෙට(3) මුල්ගල් තැබේ.

ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ජර්මනියේ වොක්ස්වගන් වාහන නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (3) හවස කුලියාපිටිය මහනුගලන්ද වත්තේ දී මුල් ගල් තැබේ.තුල්හිරියේ ඉදි කෙරෙන ආයෝජන සංකීර්ණයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (3) උදේ මුල්ගල තබයි.

විදේශිය ආයෝජන මත නව කර්මාන්තශාලා රැසක් මේ වසරේ දී ආරම්භ කිරීමට නියමිතය. කුරුණෑගල මත්තේගම මාස් කර්මාන්ත ශාලාව, හොරණ ඉඳි කෙරෙන ඉතාලි ශ්‍රී ලංකා හවුල් කර්මාන්තශාලාව මේ අතරින් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කෙරෙන අතර මින් තරුණ තරුණියන්ට රැකියා දහදාහක් පමණ ලබා දීමට හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වේ. වසර පහක් තුළදී රැකියා දස ලක්ෂයක් බිහි කිරීම අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ගේ අරමුණ වන අතර වොක්ස්වගන් කර්මාන්තශාලාව ඉදි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේ දී ජනතාවට පොරොන්දු විය.

 

නව අදහස දක්වන්න