සංවර්ධන පනත බස්නාහිරෙනුත් විසි වෙයි | දිනමිණ

සංවර්ධන පනත බස්නාහිරෙනුත් විසි වෙයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප වී තිබේ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 28 ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 52ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පළාත් සභා 07කදී මෙම කෙටුම්පත පරාජය වී ඇති.

ඒ, මධ්‍යම, වයඹ, ඌව, උතුර, උතුරු මැද, දකුණ සහ සබරගමුව යන පළාත් සභාවලදීයි.

නැගෙනහිර පළාත් සභාව එම කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම මීළඟ සභා වාරයේදී පැවැත්වීමට තීරණය කලේය.

නව අදහස දක්වන්න