තාජුඩීන්ගේ සොයුරාගෙන් ප්‍රකාශයක්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපතිවරයා  ජනවාරි මස 06 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මෙම නියෝගය නිකුත් කලේය.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

සිද්ධිය වූ කාලසීමාවේදී නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති සුනිල් පෙරේරා  විසින් වසීම් තාජුඩීන්ගේ සහෝදරයෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම වසිම් තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර අධිකරණය ඊට අවසර ලබාදුන් බව ද සදහන්.

කරුණු සලකා බැලූ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඔවුන් ලබන ජනවාරි මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...