අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු | දිනමිණ

අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු

 

නව වසරේ දී සමහර පුද්ගලයන්ගේ බලාපොරොත්තු වැඩි වනවා මෙන් ම,සමහර අයගේ තිබු බලාපොරොත්තු සුන්ව ගොස් තිබෙන්නට ද පුළුවන . ඒ කෙසේ වුව, අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට නම්, ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද? මේ ඒ පිළිබඳව ය.

* අන් අයට විශ්වාසවන්ත පුද්ගලයකු වන්න

විශ්වාසය , අවංක බව නොමැතිව, අන්‍යෝන්‍ය සම්බන්ධතා නිරවුල්ව ගොඩනගාගත නොහැකි ය. අනුන්ගේ කේළාම් බස්වලට නොරැවටී, තමන්ගෙ බුද්ධිමත් මනස භාවිත කර, තීන්දු තීරණ ගැනීමෙන්, ‍ඔබේ අනාගත බලාපොරොත්තු ඉටුකර ගත හැකි ය.

* ධනාත්මකව සිතන්න

ඍණාත්මක සිතුවිලි මඟින් ඔබේ ආකල්පවල යම් කිසි දුර්වලතා ඇතිවිය හැකි ය. මට මේ දේ කරන්න බෑ” අපිට මේ ගමන යන්න බෑ” වැනි ඍණාත්මක ආකල්ප මුළුමනින්ම ඔබේ මනසින් ඉවත් කර ගත යුතු ය.” මම අනිවාර්යයෙන්ම මේ දේ කරනවා” යන දැඩි අධිෂ්ඨානය සිතෙහි තැන්පත් කරගෙන, ඔබේ දවස ආරම්භ කිරීමට පුරුදු වනවා නම්, ඔබ සිතනවාටත් වඩා ඉක්මනින්, නව වසරේදී ඔබේ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වේ.

* යම් කරුණකදී සත්‍ය යැයි අනුමානයෙන් පිළි නොගන්න

ඔබට යම් ගැටලුවක් පැමිණි විට, ඔබට වඩා දැන උගත්, බුද්ධිමත් පුද්ගලයන්ගෙන් උපදෙස් පැතීම වඩාත් සුදුසු ය. එසේ ම, එවන් විටෙකදී කලබලයට පත් නොවී, ඔබ ද බුද්ධිමත්ව සිතා වැඩ කටයුතු කිරීමට, සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත යුතු ය. වංචනිකයන්ගේ රැවටිලි, බොරුකාරයන්ට හසුවීම වැනි දේ සිදු වන්නේ, බොහෝ විට ඔබ අනුමානයෙන් සත්‍ය යැයි වටහා ගැනීමේදී ය.

* නරක ප්‍රතිරූප ‍ගොඩනගාගත් අයගෙන් ඈත් වීම

ඕනෑම පුද්ගලයකුගේ යහපත් ප්‍රතිරූපය, තවත් පුද්ගලයකුට ආදර්ශයක් ගෙනදෙනු ඇත. සමාජයේ ගෞරවයට පාත්‍ර වූ චරිත, ඔබේ පුද්ගල ජීවිතයට ඈඳා ගනිමින්, නිවැරැදි ජීවිතයක් ගත කිරීමට පුරුදු වීම වඩාත් යෝග්‍ය ය.

* හීනලෝකවල ජීවත් නොවීම

හීන ලෝකවල ජීවත් වෙමින් සිටිනා පුද්ගලයන්, අවසානයේදී ඉච්ඡා භංගත්වයට පත් වී, ඉන් පසු සියදිවි හානි කර ගැනීම හෝ මානසික රෝගී තත්ත්වවලට මුහුණ දේ. එම නිසා, නිරතුවම සිතේ අර්ථවත් බලාපොරොත්තු ගොඩනගා ගන්නවා නම්, ඔබේ අනාගත ගැටලුවලට ද එය ඉතාමත් වටිනා පිළිතුරකි.

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා

නව අදහස දක්වන්න