ඉඩෝරයටත් නොසිඳෙන හිඟුරක්ගොඩ දිය බුබුල

 

හිඟුරක්ගොඩ දිය බුබුල පිහිටා ඇත්තේ, හිඟුරක්ගොඩ සිට කිලෝමීටරයක් දුරිනි. බුබුල යනු, විශාල මෙන් ම, උතුරා යන, අසීමිත ගැඹුරක් ඇති ජල පොකුණකි. ඒ පොකුණ පිහිටි ගම, 'බුබුලගම' නම් වෙයි. දැනට අවුරුදු හැටකට පමණ පෙර, හිඟුරක්ගොඩ ගොවි ජනපද‍යට මුලපිරුවේ , එදා කෘෂිකර්ම ඇමැතිව සිටි ඩී.එස්.සේනානායක මැතිතුමා ය.

වැඩට මුලපිරුවේ, දැවැන්තව වැඩී තිබූ පළු ගසකට පොරොවෙන් කෙටීමෙනි. වැඩ අල්ලීමෙන් පසු, පළු ගස පිහිටි ස්ථානයේ කුඩා, ස්වභාවික ජල උල්පතක් දුටුවේ ය.

කාලය ගතවත් ම, උනන ජලය වැඩිවී, පොකුණේ විශාලත්වය වැඩි විය. පසුව, ආරක්ෂාව සඳහා පොකුණ වටා සිමෙන්තියෙන් බැඳ ඇත. උල්පතේ ජල බුබුල දිගේ වේගයෙන් පැරැණි ඇහැටු ගහක කුහරයක් මඟින් නොනවත්වා ජලය ගලා එයි.

ජලය තද නිල් පාට ය. ඉතා පැහැදිලි ය. ජල මට්ටම ගැඹුරු ය. ඉඩෝරයට නොසිඳෙයි. එය නිතර උතුරා ගලයි. උතුරා ගලන ජලය, ළඟ පිහිටි කුඹුරු යායට ගලා ගොස් එය සරු කරයි. මාතලේ උමං ගඟ කෙළවර සිට, හිඟුරක්ගොඩ දිය බුබුල සෘජු රේඛාවක් සේ පිහිටයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මෙය, 2012 වසරේ පැවැති දැඩි නියඟයේදී පවා හිඟුරක්ගොඩ ප්‍රදේශයටම ජලය සැපයීය.

එස්.කේ.ජයවර්ධන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...