ශ්‍රීලංකන් ගුවන් සේවාව නැවත වරක් පැසසුම් ලබයි | දිනමිණ

ශ්‍රීලංකන් ගුවන් සේවාව නැවත වරක් පැසසුම් ලබයි

 

ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වසරේ දී නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදු කරන ජාත්‍යන්තර ගුවන් සේවා ලැයිස්තුව වෙත ශ්‍රේණිගත වී ඇත. පසුගිය මාස 5 පුරාවට ගෝලීය ගුවන් දත්ත අධීක්ෂණ ආයතනය මඟින් සිදු කළ විශ්ලේෂණය මත මේ ඇගයුම ගුවන් සමාගම වෙත හිමි විය.

ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානයේ ‘2016 ගෝලීය ගුවන් සේවා පැමිණීම් කාර්ය සාධනය’ මඟින් මාසිකව ලෝකයේ වැඩිම ගුවන් යානා නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙදවීමේ කාර්ය දර්ශනය සඳහා ගුවන් සේවා 40 ලැයිස්තුගත කරයි. ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානය මඟින් ගෝලීය ගුවන් සේවා දත්ත සපයන අතර ගෝලීය වශයෙන් ගුවන් තොටුපළවල් සහ ගුවන් සේවා හි නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙදවීමේ තොරතුරු ලබාගැනීමට ඊට හැකියාව ඇත.

ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානයට අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය දර්ශනය 2016 ජූලි මස, අගෝස්තු 14 වැනි දින, සැප්තැම්බර් 16, ඔක්තෝම්බර් 6 වැනි දින සහ නොවැම්බර් 11වැනි දින ජාත්‍යන්තර ගුවන් සේවා අබිබවා යමින් 6 වැනි ස්ථානයට පත්වී ඇත. මේ මගින් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ ගුවන් සේවා සාමාජිකයන් අතර 2016 ඔක්තෝම්බර් මස සහ නොවැම්බර් මාසය සඳහා වසර 3ක් පුරාවට නොකඩවා නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙදවීමේ ඉහළ කාර්ය දර්ශනය වෙනුවෙන් 4වැනි ස්ථානය ලබාගෙන ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය මාස 5 තුළ ගුවන් යානා කාලානුගතිකත්වය සඳහා සියයට 85 ප්‍රතිශතයක් වාර්තා කළ අතර කොළඹ ඇතුළු අනෙකුත් ගෝලීය ගුවන් ගමන් ජාලයන් හරහා නියමිත වේලාවට පිටත්වීම් සහ පැමිණීම් වේලාවන් මිනිත්තු 15ක් ඇතුළත සිදුකිරීම මේ ඇගයීම සඳහා පාදක විය.

නව අදහස දක්වන්න