නව පාසල් වාරය හෙටින් ඇරඹෙයි | දිනමිණ

නව පාසල් වාරය හෙටින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සිදුකෙරෙන පාසල් හැර  සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2017 නව පාසල් වාරය හෙටින් ආරම්භ වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු වාරය මෙම වසරේ අප්‍රේල් මස 06 වැනිදායින් අවසන්  වන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 68ක් සම්පුර්ණයෙන්ම වසා තැබෙන අතර එම පාසල්වල පළමු වාරය ලබන 16 වන දින ආරම්භ වෙයි.

නව අදහස දක්වන්න