ලේක්හවුස් සේවක දු දරුවන්ට පාසල් පොත් බෙදා දීම | දිනමිණ

ලේක්හවුස් සේවක දු දරුවන්ට පාසල් පොත් බෙදා දීම

සිතාරා සේනානි
ලේක් හවුස් ආයතනයේ වාර්ෂික පාසැල් උපකරණ ලබා දීමේ වැඩසටහනේ දී ආයතනයේ අන්තර්ජාල දෙපාර්තමේන්තුවේ සේවය කරන රිස්වාන් සේගු මොහිදීන් මහතාගේ දියණිය වන ෂේරීෂ් ෂහීන් දැරියට සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහාතා විසින් පොත් තිළිණ කරන ලද අවස්ථාව

ලේක් හවුස් ආයතනයේ වාර්ෂික පාසැල් උපකරණ ලබා දීමේ වැඩසටහනේ දී ආයතනයේ අන්තර්ජාල දෙපාර්තමේන්තුවේ සේවය කරන රිස්වාන් සේගු මොහිදීන් මහතාගේ දියණිය වන ෂේරීෂ් ෂහීන් දැරියට සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහාතා විසින් පොත් තිළිණ කරන ලද අවස්ථාව

සේවක දරුවන් අද ලබන සතුට වෙනුවෙන් ඩී.ආර්. විජයවර්ධනයන් එදා ලොකු කැප කිරීමක් සිදු කළා

- ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ

ලේක්හවුස් ආයතයේ සේවක සේවිකාවන්ගේ පාසල් යන වයසේ පසුවන දූදරුවන් වෙනුවෙන් එම ආයතනය වාර්ෂිකව ලබා දෙන අභ්‍යාස පොත් කට්ටල හා තිළිණ පත් පිරිනැමීම 15 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් ආයතනයේදී ඊයේ (29) සිදුකැරිණි.

දරු දැරියන් වෙත මෙම පොත් කට්ටල හා තිළිණ පත් පිරිනැමීම ලේක් හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පරිපාලන සුභාෂ් කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මානව ප්‍රාග්ධන නාරද සුමනරත්න, ප්‍රධානී මෙහෙයුම් හා සුබසාධන ඩබ්ලිව්. අයි. ප්‍රේමරත්න, දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්ම මහත්මින් අතින් සිදුකැරිණි.

ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා-අලුත් වසරේ අලුත් පන්තියකට, අලුත් පාසලකට අලුත් පොත්පත් අරන් යන අවස්ථාව අපේ දූදරුවන්ට ඉතා විශේෂ අවස්ථාවක්. ඔබ ලබන ඒ සතුටට දායක වීමට ලේක්හවුස් ආයතනයටත්, අපටත් අවස්ථාව ලැබීම විශාල සතුටක්.

ඒ සතුට ඔබ වෙනුවෙන් ලබා දෙන්න ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතා විශාල කැප කිරීමක් කළ බව මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඔබට ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යමක් වැය කිරීමට තිබෙන අවස්ථාවේ ඒ සඳහා අපේ ආයතනයට සුළුවෙන් හෝ දායක වීමට හැකිවීම සතුටට කරුණක්. මේ ලබා දෙන පොත් පත් අරන් ඔබේ දරුවන් හොඳින් අධ්‍යාපනය ලබන විට ඔබට සතුටක් දැනෙනවා. ඒ වගේම ඒ සතුට මේ ආයතනයටත් දැනෙනවා.

සේවක සේවිකාවන් සතුටට පත් වුණොත් පමණයි ආයතනයට හොඳ ප්‍රතිලාභයක්, ඵලදායීතාවක් අත්කර ගත හැකි වන්නේ. එමෙන්ම ඔබ සතුටට පත්ව ඵලදායී සේවයක් ලබා දුන්නොත් පමණයි පාලනාධිකාරිය සතුටට පත්වන්නේ. සේවක සේව්‍ය අවබෝධය මේ සඳහා ඉතා වැදගත්. අපට ජීවත්වීමට මිල මුදල් අවශ්‍යයි. එහෙත් ජීවිතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ සතුටයි. ඔබේ දරුවන් හොඳින් ඉගෙන ගෙන, උසස් අධ්‍යාපනය ලබන විට ඔබ ලබන සතුටෙහි හවුල්කරුවන් බවට පත්වීමට අපේ ආයතනයටත් මෙමඟින් හැකියාව ලැබෙනවා. අද ලැබෙන මේ පොත්පත් රැගෙන පාසල් ගොස් සමාජයට වැඩදායී පුද්ගලයන් බවට පත්වන්නැයි මා මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ මවුපියන් බලාපොරොත්තු වන්නේ ද එයයි.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා- ලේක්හවුස් ආයතනයේ පාලනාධිකාරිය එම ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන් වෙනුවෙන් දැනට දශක එකහමාරකට ආසන්න කාලසීමාවක සිට මෙම පොත්පත් ලිපිද්‍රව්‍ය බෙදා දීමේ කාර්යය ඉතා කෘතඥතාපූර්වකව ඉටු කරමින් සිටිනවා. මෙම පොත් ලබා ගත් අපගේ සේවක සේවිකාවන්ගේ දූදරුවන් බොහෝ දෙනෙක් දැනටමත් වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන ක්ෂේත්‍රය ආදී ඉතා උසස් වෘත්තීන්වල නිරතව සතුටට කරුණක්.

2002 වසරේදී ආරම්භ කර වාර්ෂිකව සිදුකරන මෙම සද් කාර්යය වත්මන් පාලනාධිකාරිය යටතේ ද ඉතා සාර්ථකව කර ගෙන යමින් සිටිනවා. විශේෂයෙන් ම වත්මන් පාලනාධිකාරිය යටතේ ලබා දෙන මේ ලිපිද්‍රව්‍යවල ගුණතාත්මකභාවය වැඩිකරමින්, වර්තමාන ඉගෙනුම් අවශ්‍යතාවලට ගැලපෙන ලිපිද්‍රව්‍ය කට්ටල ලබා දීමට පියවර ගනු ලැබ තිබෙනවා.

ලේක්හවුස් ආයතනය දිගින් දිගටම මෙකී සද්කාර්යය සිදු කරනු ලබන්නේ විශේෂයෙන් ම ඔබගේ මවුපියවරුන් මේ ආයතනය වෙනුවෙන් කරනු ලබන සේවයට ගරු කිරීම සහ ආයතනය කෙරෙහි දූදරුවන් වන ඔබගේ සිත්හි ආදරය හා ගෞරවය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිවයි.

ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී මෙහෙයුම් හා සුබ සාධන ඩබ්ලිව්.අයි. ප්‍රේමරත්න මහතා - ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ පාසල් යන දූදරුවන් වෙනුවෙන් 2002 වසරේ සිට ලබා දීම ආරම්භ වූ පොත්පත් හා තිළිණපත් ලබා දීමේ වැඩසටහන මෙවරත් ඉතා සාර්ථකව සිදුකිරීමට ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. මෙම පොත් කට්ටල හා තිළිණපත් ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ හිටපු සභාපති නලින් ලද්දුවහෙට්ටි මහතාටත් ස්තුතිය හා ප්‍රණාමය පුද කළ යුතුයි.

මෙවර මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබා දීම සම්බන්ධයෙන් ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයටත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පරිපාලන සුභාෂ් කරුණාරත්න මහතා ඇතුළු ආයතනයේ නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි රුක්ගහවිල කඹුරුගල්ල මහ විදුහලේ සඳලි මලීෂා දැරිය පොත්පත් හා තිළිණපත් ලාභී දරු දැරියන් වෙනුවෙන් ස්තුති කථාව සිදුකළා ය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මූල්‍ය වී.එස්.බොයිස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වෙළෙඳ ලාල් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුද්‍රණ කමල් විජේසූරිය මහත්වරු සහ කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරිනී බී.ඒ.පී.පුෂ්පිකා මහත්මිය ඇතුළු ලේක්හවුස් ආයතනයේ උසස් නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

අදහස් 3ක් ඇත

jathiye puwathpatha nam wiudawaliya mema daruwange ,buddiyata dena poth path ,thilina thulin lekhouse karya mandalayata ,apage pranamaya !

wh0cd19284 found it for you Viagra Price Naltrexone generic levitra

wh0cd19284 found it for you Viagra Price Naltrexone generic levitra

නව අදහස දක්වන්න