විමල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට

විජයානි එදිරිසිංහ

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (28) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඊයේ(28) සහ අද(29) දිනයන් හි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතාට කරන ලද නියෝගයක් අනුව ඔහු පැමිණි බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් පැවැසීය.

ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන සිය ඥාති හිතවතුන්ට ලබාදීම මෙන්ම වාහන කුලියට යෙදවීම තුළින් අවභාවිතයක් සිදුකර ඇති බවට විමල් වීරවංශ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහත්වරු ඇතුළු පස්දෙනකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත.

මෙම නඩුව විභාගයට ගත් පසුගිය 16දා අධිකරණය හමුවේ පෙනී සිටි පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුව තිබුණ ද ඔහුට දැනුම්දුන් පරිදි ඒ ඒ දිනයන්හි දී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නොපැමිණි බවය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් විමල් වීරවංශ මහතාට 28 හා 29 දිනයන්හි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණු අතර ඒ අනුව පැමිණි විමල් වීරවංශ මහතාගෙන් ඊයේ සවස් වනතුරු ප්‍රකාශ සටහන්කර ගැණිනි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...