කෝ ඒ ස්විප් ටිකට් එක

නව පරපුරේ රංගන ශිල්පිනී අරුණි මෙන්ඩිස්ගේ රුව ඔබට නුහුරු වන්නට විදිහක් නැහැ. පසුගිය කාලයේ විකාශය වූ නාට්‍ය ගණනාවකින්ම ඇයගේ රංගන හැකියාව දුටුවා. අරුණි විවාහ වන්නට ඉන්නේ චාමර චින්තක සේලාර නමැති සහාය අධ්‍යක්ෂවරයකු එක්ක. දෙන වැඩේ හරියටම කරන හින්දා මේ හාදයා ගැන ක්ෂේත්‍රයේ කොයි කවුරුත් කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙන්.

සාමාන්‍යයෙන් අරුණි සහ චාමර උත්සවයකට යන්නේ එකට. මේ දෙන්නගේ පෙම් පලහිලව්ව හින්දා උත්සවවලට ආරාධනා කරන අයත් දෙන්නවම බලාපොරොත්තු වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලට චාමරට තනියම යන්න සිදු වෙනවා. ඒ වගේ වෙලාවන්වලදී එතැන සිටින පිරිස චාමරගෙන් මුලින්ම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කෝ ලොතරැයි මණ්ඩලය කියන එක. අරුණි ලොතරැයි මණ්ඩලයේ නිවේදන කටයුතු කරන හින්දා වෙන්න ඇති එහෙම අහන්නේ. කොහොම හරි චාමර තනියම කොහේ ගියත් දැන් අහන ප්‍රශ්නය වෙලා තියෙන්නේ කෝ ලොතරැයි මණ්ඩලය කියන එක. ඒ වෙලාවට චාමර කරන්නේ ආ . . . එයා ගෙදර ඇති කියලා ෂේප් වෙන එකලු.  


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...