මුරකරු රැකියාව ඉල්ලා ගස උඩ | දිනමිණ

මුරකරු රැකියාව ඉල්ලා ගස උඩ

මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තුමේන්තුවේ වටපුළුවේ පිහිටි පෙහෙකම් සිප්පියසෙහි මුරකරුවෙකු ලෙස සේවක කළ අයෙකු තම රැකියාව අහිමි කළ බව පවසමින් එම ආයතනය ඉදිරිපිට දැවැන්ත ගසක් මතට නැග විරෝධතාවක් ආරම්භකර තිබේ.
මෙම පුද්ගලයා අද(28) පෙරවරුවේ අදාළ ගසට නැග විරෝධතාව ආරම්භකර තිබෙන අතර රැකියාව ස්ථිර කිරීමට බලධාරීන් කටයුතු කරනතුරු ගසෙන් නොබසින බව ඔහු පවසයි.
 
තමන් පේෂකර්ම දෙපාර්තුමේන්තුවේ මුරකරුවෙකු ලෙස වසර එකහමාරකට වැඩි කාලයක් සේවය කළ බවත් අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති බැවින් තම ‍සේවය ස්ථිර කිරීමට නොහැකි බව බලධාරීන් දැනුම් දුන් බව විරෝධතාවයේ නිරත එම්.ගුණබණ්ඩා නැමැති අය පවසයි.
 
තම රැකියාව අහිමි වීමෙන් දරුවන් තිදෙනකු සමඟ තමන් අසරණවූ බවද තමන්ට වඩා අඩු සුදුසුකම් ඇති පිරිස් ආයතනය තුළ ස්ථිර කළ බවද හෙතෙම කීය.
 
තාවකාලික පදනම මත අදාළ පුද්ගලයා පේෂකර්ම දෙපාර්තුමේන්තුවේ මුරකරු තනතුරට බඳවා ගත් බවත් අපොස සාමාන්‍යය පෙළ හෝ සමත් නොමැති මොහු ස්ථිර කිරීමට ප්‍රතිපාදන නොමැති බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී පේෂකර්ම දෙපාර්තුමේන්තු නිලධාරීයකු පැවසීය.
 
වෙනත් සුදුසු රැකියාවක් ලබාදීමට දෙපාර්තුමේන්තු නිලධාරීන් උත්සහ කළත් ඔහු එම සියලු රැකියා අවස්ථා ප්‍රතික්ෂේප කරමින් මුරකරු රැකියාවම ඉල්ලා සිටින බවත් එම නිලධාරීයා කීය.
 
-අසේල කුරුළුවංශ
 

අදහස් 2ක් ඇත

muta pissu ,,,mu illanema me jara rassawane , meya kawuru hari hith gath kenekge ,,mura wadak karanawada danne naha ,,methanama,, gas gemba !

පාර්ලිමේන්තුවට යන්න විතරයි අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍ය.

නව අදහස දක්වන්න