මේනකා නිහැඬියාව බිඳියි | දිනමිණ

මේනකා නිහැඬියාව බිඳියි

මේනකා මධුවන්ති කව්වාම ඇයව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. හැමදාමත් විවිධ පුවත් මවන මේ ජනප්‍රිය නිළිය මේ දවස්වල ටෙලි නිර්මාණ ඔස්සේ දකින්නට නොලැබුණු තරම්. මේනකා ගැන සොයාබලන විට අපිට දැන ගන්නට ලැබුණේ ඇය නවතම චිත්‍රපටයකට වගේම ටෙලි නාට්‍යයකටත් දායක වන පුවතයි. ‘මම පසුගිය වසර දෙකක කාලයක සිටම රංගනයට දායක වුණේ නැහැ. මොකද මට ලැබුණු චරිත ගැන මට තෘප්තියක් තිබුණෙ නැහැ. එනිසා දිගටම මගේ ව්‍යාපාර කටයුතු සමඟ ඒවා වැඩි දියුණු කරගන්න තමයි මුල් තැන දුන්නේ. නව වසරේ රූගත කෙරෙන ටෙලි නාට්‍යයකට වගේම චිත්‍රපටයකත් යමක් කරන්න පුළුවන් චරිත දෙකක් මට හිමි වුණා. ලොකු වෙනසක් සමඟ මේ චරිත රඟපාන්න ඒවා අධ්‍යයනය කරමින් මම සුදානම් වෙනවා. වෙනසක් සමඟ මාව යළිත් රංගනයෙන් රසිකයනට දැක ගන්න ලැබේවි.

 

නව අදහස දක්වන්න